Notice: WP_Block_Type_Registry::register was called incorrectly. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (This message was added in version 5.0.0.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

Invitation for BIDS

Design, Development, Supply, Installation, Commissioning, Maintenance, Training and Implementation of e-craftsmen Information System

කොන්ත්‍රාත් අංකය: NCC/PRO/NCB/2025/ECD/01

  1. ජාතික ශිල්ප සභාව වෙනුවෙන් දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් හස්ත කර්මාන්ත විද්‍යුත් තොරතුරු පද්ධතිය නිර්මාණය කිරිම,සංවර්ධනය කිරීම, සැපයීම, ස්ථාපනය කිරීම, ක්‍රියාත්මක කිරීම, නඩත්තු කිරීම සහ පුහුණු කිරීම සදහා සුදුසුකම් ලත් ලංසුකරුවන්ගෙන් මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලැබේ.
  2. මෙම ලංසු කැඳවීම ජාතික තරඟකාරි ලංසු කැඳවීමේ ක්‍රියාපටිපාටිය යටතේ සිදු කරනු ලැබේ.
  3. මේ සඳහා උනන්දුවක් දක්වන යෝග්‍යතා පූර්ණ ලංසුකරුවන්ට වැඩිදුර තොරතුරු බත්තරමුල්ල පැලවත්ත රෝහිණා මාවතෙහි පිහිටි  ජාතික ශිල්ප සභාවේ ගණකාධිකාරි වෙතින්  ලබා ගත හැකි  අතර 07.18 සිට 2025.08.03 දක්වා ඕනෑම වැඩ කරන දිනයක පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා නොමිලේ ලංසු ලේඛණ පරික්ෂා කර බැලිය හැක. (දුරකථන අංක – 0112-784008)
  4. පුර්ව ප්‍රසම්පාදන රැස්වීම07.25 දින පෙ.ව.10.00 ජාතික ශිල්ප සභාවේ රැස්වීම් ශාලාවේදී පැවැත්වේ.සියලුම ලංසුකරුවන්ට මෙම රැස්වීම සඳහා සහභාගි වන ලෙස දන්වනු ලැබේ.
  5. ඉංග්‍රිසි භාෂාවෙන් යුතු සම්පුර්ණ ලංසු ලේඛණ කට්ටලය ජාතික ශිල්ප සභාවේ ගණකාධිකාරි වෙත ලිඛිත ඉල්ලිමක් ඉදිරිපත් කිරිමෙන් පසු ඕනෑම ලංසුකරුවකු හට ජාතික ශිල්ප සභාවේ සරප් වෙත ආපසු නොගෙවනු ලබන රු.2,000/- ක ගාස්තු ගෙවීමෙන් පසු 2025.07.18 සිට 2025.08.03 දක්වා ඕනෑම වැඩ කරන දිනයක පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා මිලදි ගත හැක.
  6. නිසි පරිදි සම්පූර්ණ කරන ලද ලංසු පිටපත් දෙකක් වශයෙන් “මුල් පිටපත” හා “අනු පිටපත” යනුවෙන් සඳහන් කර වෙන් වෙන්ව කවර දෙකක බහා එම කවර දෙක එක් ලිපි කවරයක බහා ලිපි කවර තුනෙහිම ඉහල වම් කෙළවරෙහි NCC/PRO/NCB/2025/ECD/01 යනුවෙන් සඳහන් කර මුද්‍රා තබා 08.04 වන දින ප.ව.2.00 ට හෝ ඉන් පෙර ලැබෙන සේ සභාපති, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව, ජාතික ශිල්ප සභාව, රෝහිණා මාවත, පැලවත්ත, බත්තරමුල්ල. යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ජාතික ශිල්ප සභාවේ ගිණුම් අංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම සිදු කල යුතුය.
  7. සියලුම ලංසු සමඟ BDS, ITB 20.2 හි නිශ්චිතව දක්වා ඇති පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි ඕනෑම වාණිජ බැංකුවක් මඟින් ලබා ගත් රු. 60,000/- ක කොන්දේසි රහිත වහාම මුදල් ලබා ගත හැකි ලංසු ඇපකරයක් ඉදිරිපත් කළ යුතුය.
  8. ලංසු භාර ගෙන අවසන් වූ වහාම ජාතික ශිල්ප සභාවේ රැස්වීම් ශාලාවේදි ලංසු විවෘත කරනු ලබන අතර ලංසුකරුට හෝ ඔහුගේ/ඇයගේ බලයලත් නියෝජිතයකුට මෙම අවස්ථාවට සහභාගි විය හැක.
  9. අසම්පුර්ණ සහ ප්‍රමාද වී ලැබෙන ලංසු ප්‍රතික්ෂේප කරනු ලබන අතර ලංසු භාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරිමේ බලය ජාතික ශිල්ප සභාවේ දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව සතුවේ.
සභාපති,දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව,
ජාතික ශිල්ප සභාව,
රෝහිණා මාවත, පැලවත්ත,
බත්තරමුල්ල.
දුරකථන අංක - 0112-784008