Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

Cheongju International Craft Competition – South Korea

අයදුම්පත් භාර ගැනීම – 2025 අප්රේල් මස 25 දක්වා
අයදුම්පත එක පහත මගින් බාගත කරගන්න
Application
 
අයදුම්කරුවන් සඳහා උපදෙස් :
• වයස අවුරුදු 18 ට වැඩි ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි ශිල්පියෙකු විය යුතුය.
• තරඟය සඳහා ඉදිරිපත් කරන නිර්මාණයේ ප්රමාණය උස 150cm x දිග 150cm x පළල 150cm නොඉක්මවිය යුතුයි.
• 2023 – 2025 කාල පරිච්ඡේදය තුළ සකස් කල නිර්මාණයක් විය යුතුයි.
• පළමු අදියරේදී මාර්ගගත ක්රමයට අයදුම්පත් යොමු කල යුතු අතර දෙවන අදියර සඳහා සුදුසුකම් ලබන නිර්මාණ භෞතිකව ඉදිරිපත් කළ යුතුය.
ඉදිරිපත් කරනු ලබන නිර්මාණ සම්බන්ධ තොරතුරු:
• ඉහළ තත්වයෙන් හා ගුණත්වයකින් යුතු නිර්මාණ විය යුතුයි. (2048 x 1152 pixels in JPE or JPEG format)
• ඡායාරූප 06 ඉදිරිපත් කල යුතුය. සියලුම ඡායාරූප සුදු හෝ අළු පැහැති පසුබිමක් සහිත ඡායාරූප විය යුතුය.
1. නිර්මාණයේ සම්පූර්ණ ඡායාරූපයක්
2. ඉදිරිපස ඡායාරූපයක්
3. සමීප ඡායාරූපයක්
4. නිර්මාණයේ ප්රමාණය පිළිබද අදහසක් ලබා ගත හැකි ඡායාරූපයක් – ඒඅනුව මීටර් 01 x මීටර් 01 x මීටර් 01 හෝ ඊට අඩු ප්රමාණයේ නිර්මාණ ශිල්පියාගේ අත මතත් ඊට වඩා ප්රමාණයෙන් විශාල නිර්මාණ ශිල්පියා අසලින් තබා ඡායාරූප ගත කල හැක.
5. නිර්මාණයේ දකුණු පස සහ වම්පස ඡායාරූප 02ක්
• පසුගිය වසර තුන තුළ ශිල්පියා විසින් නිර්මාණය කරන ලද නිර්මාණ අවම වශයෙන් 10ක් පමණ අඩංගු නිර්මාණ එකතුවක් ඉදිරිපත් කල යුතුය. එම ඡායාරූප ඉහළ තත්වයෙන් තිබිය යුතුය. (300×300 pixels)
• නිර්මාණයේ වීඩියෝවක් සහිත යූ ටියුබ් hyperlink ඇත්නම් ඉදිරිපත් කරන්න.
• ඉදිරිපත් කරනු ලබන නිර්මාණය ඇමරිකානු ඩොලර් 10,000 ට අඩු විය යුතුයි.(ආසන්න වශයෙන් රු. 2,900,000.00)
• දෙවන අදියර සඳහා එරට වෙත නිර්මාණ යැවීමේදී සිදුවන වියදම් ශිල්පියා විසින් දැරිය යුතුය.උදා: තැපැල් හෝ කුරියර් ගාස්තු, රක්ෂණ ගාස්තු, ඇසුරුම්කරණ හා අනෙකුත් වියදම්
• Cheongju International Craft Competition සංවිධායක මණ්ඩලය ප්රවාහනයේදී සිදු වන හානි සඳහා වග කියනු නොලැබේ.
• නිර්මාණ ප්රවාහනය සඳහා විශේෂීකරණය වූ ආයතනයක් හරහා නිර්මාණ එවීම යෝග්ය වේ.
• සංවිධායක මණ්ඩලය සම්මාන උළෙල හා ප්රදර්ශන සඳහා නිර්මාණ ප්රවාහනය කරන බැවින් හානි වීමේ අවධානමක් සහිත නිර්මාණ සම්බන්ධයෙන් නිර්මාණ ඇසිරීමේදී හා හැසිරවීමේදී විශේෂයෙන් අනුගමනය කල යුතු පියවර ඇත්නම් පැහැදිලිව සදහන් කර එවිය යුතුය. මේ සම්බන්ධ උපදෙස් ප්රමාණවත්ව නොමැතිකමින් සිදු වන හානි සඳහා සංවිධායක මණ්ඩලය වග කියනු නොලැබේ.
• වෙනත් තරඟයකදී ජයග්රහණය කරන ලද හෝ වෙනත් ශිල්පියෙකුගෙන් පිටපත් කරන ලද නිර්මාණ ඉදිරිපත් නොකළ යුතුය. එවැනි නිර්මාණයක් මෙම තරඟයේදී ජයග්රහණය කළහොත් ත්යාග මුදල මෙන් දෙගුණයක් නැවත ගෙවීමට සිදු වේ.
• ජයග්රාහී නිර්මාණ එරට ප්රදර්ශනය සඳහා රඳවාගනු ලැබේ.
ඔබ විසින් නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත හා ඉල්ලීම් කරන ලද අනෙකුත් තොරතුරු 2025.04.25 දිනට පෙර පළාත් නිලධාරියාගේ නිර්දේශයද සහිතව nccaddevelopment2@gmail.com ඊමේල් ලිපිනය වෙත යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.