අභිමානවත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජාත්‍යන්තරය තුළ අපගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා විවිධ ක්ෂේත්රයන් ඔස්සේ සාධනීය තත්ත්වයන් ලඟා කරගෙන ඇත්තෙමු. මෙවන් වූ ක්ෂේත්‍ර අතරින් ප්‍රධානතම ක්ෂේත්රයක් වශයෙන් හස්ත කර්මාන්ත ක්ෂේත්රය සඳහන් කළ හැකිය.
ශ්‍රී ලාංකිකයන් අභිමානවත් වූ, නිර්මාණශීලි ජනතාවකි. ඔවුන්ගේ දෑතින් නිර්මාණය වන අත්කම් ශිල්ප කලාත්මක අගයෙන් අනූනය. ශ්‍රි ලංකාවේ ඒ අභිමානවත් ජනකලා ක්ෂේත්‍රෙය් ඉතිහාසය දුරාතීතයට විහිදී යයි.
අත්කම් ශිල්පීන් හට අතීතයේ පටන් සමාජය තුල සුවිශේෂි ස්ථානයක් හිමි වූ අතර රාජ්‍ය ගෞරව සම්මානයන්ගෙන් ද පිදුම් ලැබීය.
ජාත්‍යන්තරය තුළද අපගේ අනන්‍යතාවය තහවුරු කරමින් එය ජයග්‍රහණය කිරීමට හස්ත කර්මාන්තකරුවා පැමිණි ගමන මහත් වෙහෙසකර වූවකි. එහෙයින් පාරම්පරික හස්ත කර්මාන්ත අභාවයට යාමට ඉඩනොදී රැක ගැනීම හා ශිල්පීය කුසලතාවයන්ගෙන් හෙබි හස්ත කර්මාන්ත ශිල්පීන් තවදුරටත් මෙම හස්ත කර්මාන්ත ක්ෂේත්රයේ රඳවා ගැනීම සඳහා ඔවුන් සමාජයීය වශයෙන් ඇගැයීමට ලක් කිරීමත් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමත් ඉතා වැදගත් වේ.
හස්ත කර්මාන්ත ශිල්පීන් ආර්ථික වශයෙන් ශක්තිමත් කර ඔවුන්ගේ නිර්මාණ සඳහා නිසි ආර්ථිකමය වටිනාකමක් ලබා දීමට අවශ්‍ය පියවර නොගතහොත් පාරම්පරික ශිල්පීන් එම හස්ත කර්මාන්ත ක්ෂේත්රවලින් ඉවත්වයාමේ ප්‍රවණතාවයක් පවතින අතර ඒ හේතුවෙන් අදාල ශිල්ප ක්ෂේත්‍ර අභාවයට පත්විය හැකිය. එසේම මෙම පාරම්පරික ශිල්පී පවුල් වලින් පැවතගෙන එන නව පරපුර වෙත නිසි සමාජයීය හා ආර්ථික ස්ථාවරත්වයක් නොලැබුණහොත් එම ක්ෂේත්රයන්හි දිගුකාලීනව රැදී නොසිටීමේ ප්‍රවණතාවයක් ද ඇත.
එබැවින් සාම්ප්‍රදායික හා සංස්කෘතික වටිනාකමක් ඇති හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර සංරක්ෂණය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම, හස්ත කර්මාන්ත ශිල්පීන් සමාජීය වශයෙන් ඇගැයීමට ලක් කිරීම හා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ජාතික ශිල්ප සභාව මඟින් වාර්ෂිකව “ශිල්ප අභිමානී” ජාතික හස්ත කර්මාන්ත තරගය සහ ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.
මෙවර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවාසය සංවර්ධන අංශයේ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීම මත “ශිල්ප අභිමානී” 2023 ජාතික හස්ත කර්මාන්ත තරගය පැවැත්වේ.
ප්‍රධාන අරමුණු
⊕ සම්ප්‍රදායික හා නූතන හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර වල යෙදෙන ශිල්පීන් දිරිගැන්වීම.
⊕ පාරම්පරික හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර රැක ගැනීම, ප්‍රවර්ධනය කිරීම සහ නව මෝස්තර හඳුන්වා දීම.
⊕ හස්ත කර්මාන්ත නිර්මාණ සඳහා දේශීය හා විදේශීය වෙළෙඳපොළ අවස්ථා ඇති කිරීම.
⊕ නව හස්ත කර්මාන්ත නිර්මාණ වෙළෙඳපොළට හදුන්වා දීම.
⊕ සංචාරක ක්ෂේත්රය හරහා (ප්‍රදර්ශනය) දේශීය හස්ත කර්මාන්ත ප්‍රචලිත කිරිම.
⊕ හස්ත කර්මාන්ත නිෂ්පාදන අපනයනය සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයින් දිරිමත් කිරීම.
⊕ හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර දේශිය වශයෙන් ප්‍රචලිත කිරීම.
⊕ හස්ත කර්මාන්ත ශිල්පීන් ක්ෂේත්රය හැරයාම අවම කිරීම.
Deprecated: sanitize_url 2.8.0 අනුවාදයේ සිට ඉවත් කර ඇත. ඒ වෙනුවට esc_url_raw() භාවිතා කරන්න. in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 4861