ශිල්ප අභිමානී 2025 පළාත් හා ජාතික තරඟාවලියට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන නිර්මාණ සංවර්ධන වැඩසටහන් මාලාවේ ආරම්භක වැඩමුළුව පසුගියදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.
මෙම අවස්ථාවට සහභාගි වූ ජාතික ශිල්ප සභාවේ සභාපතිනි ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මැතිනිය ශිල්පීන් අමතමින් කියා සිටියේ…,
“ශිල්ප අභිමානී 2025” විධිමත්ව හා වඩාත් ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම සදහා පසුගිය මාස කිහිපය යෙදවීමට සිදුවූ බවයි.
එහි පළමු අදියර ලෙස දිස්ත්‍රික් මට්ටමින් නිර්මාණ සංවර්ධන වැඩසටහන් පැවැත්වීමටත්, පළාත් හා ජාතික තරග පැවැත්වීමටත් සැලසුම්කර තිබෙනවා.
මොරටුව විශ්ව විද්‍යාලයේ සම්පත් දායකත්වයෙන් පැවැත්වෙන මේ වැඩමුළුවේදී..
අපේක්ෂා කරන්නේ නිර්මාණකරණයේ දී ශිල්පීන් විසින් අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳවත්,දේශීය හා විදේශීය වෙළෙඳපොළ දක්වා නිර්මාණ සංවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමටයි.
ශිල්පීන්ගේ නිර්මාණශීලීත්වය ඇගැයීමට පත්කර සම්මාන, කුසලාන දීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකියි,
ඔවුන්ගේ නිර්මාණශීලීත්වයට වෙළෙඳපොළ සකස්කර දිය යුතු වෙනවා.
ශිල්පීන්ගේ ආර්ථිකය වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළක් තුළින් පමණයි හස්ත කර්මාන්ත ආරක්ෂා වෙන්නේ,
ඒ නිසා, ශිල්පීන් සාම්ප්‍රදායික නිර්මාණ කරන ගමන්ම වෙළෙඳපොළ අවශ්‍යතා වෙනුවෙන් ඉහළ ගුණාත්මක බවින් යුත් අත්කම් නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා.
නිර්මාණකරණයේ යෙදෙන ශිල්පීන්ට මෙම වැඩමුළුව සූදානම් කළේ ඔබගේ නිර්මාණශීලී හැකියාවට නව මානයක් ලබාදීම වෙනුවෙන්..
ඒ නිසා, මෙම වැඩමුළුව තුළින් උපරිම ප්‍රයෝජන අරගෙන ශිල්ප අභිමානී 2025 ට ගම්පහ දිස්ත්‍රික්කයේ විශිෂ්ඨ නිර්මාණ සමගින් එකතුවෙන්නැයි සභාපතිතුමිය ශිල්පීන් සැමටම ආරාධනා කළාය.
මෙම අවස්ථාවට සහභාගි වූ ගම්පහ දිස්ත්‍රික් ලේකම්තුමා කියා සිටියේ..
ජාතික ශිල්ප සභාව විසින් “ශිල්ප අභිමානී 2025” තරඟාවලිය සඳහා පළමු වැඩසටහන සඳහා ගම්පහ දිස්ත්‍රික්කය තෝරා ගැනීම පිළිබඳව සතුටට පත්වන බවත්, මෙම තරඟාවලියෙදී ගම්පහ දිස්ත්‍රික්කයේ නිර්මාණකරුවන්ගේ ජයග්‍රහණ ජාතික තලයට ගෙන ඒමට ආශිර්වාද කරන බවයි. තවද, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හතරවන මහලේ, ව්‍යවසාය සංවර්ධන ඒකකයක් පිහිටුවා ඇති බවත්, හස්ත කර්මාන්ත ශිල්පීන්ටද එහි සේවා ලබා ගැනීමට හැකියාව පවතින බවත් දිස්ත්‍රික් ලේකම්තුමා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සැපැයූවේ..
මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සුනෙත් සේනාරත්න මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසිනි. ජාතික ශිල්ප සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නිශාන්ත විජයලත් මහතා සම්බන්ධීකරණය කල මෙම සටහන, බස්නාහිර පළාත් ස/අධ්‍යක්ෂ තාරකා කුලතුංග මහත්මිය හා ගම්පහ දිස්ත්‍රික් නිලධාරී ටිෂාන් මහතා විසින් සංවිධානය කර තිබුණි.
මෙම වැඩමුළුව සඳහා ශිල්පීන් එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූහ.
ජාතික ශිල්ප සභාව “හස්ත කර්මාන්ත ශිල්පීන් 50 දෙනෙකු ව්‍යවසායකයින් බවට පත් කිරීම” මැයෙන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති නව වැඩසටහන් මාලාව සඳහා ශිල්පීන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පසුගියදා (2025.07.15) ජාතික ශිල්ප සභා ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.
මෙම වැඩසටහන තුලින් අපනයන වෙළදපල ජයගත හැකි හස්ත කර්මාන්ත ව්‍යවසායකයින් 50 ක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන අතර අපනයන වෙළදපොල පිළිබඳ තෝරාගත් ශිල්පින් දැනුවත් කිරිම, අපනයන වෙළදපොල ඉලක්ක කරගත් නිර්මාණ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම, අපනයන වෙළඳපලට යොමුවීමේදී පූර්ව වශයෙන් ලබාගත යුතු අවසරයන්, භාණ්ඩ නිරෝධායන කටයුතු, විශේෂ රෙගුලාසි සම්බන්ධයෙන් ශිල්පින් දැනුවත් කිරිම, ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් පැවැත්වීම, අපනයන වෙළඳපලට අවශ්‍ය ආළෙවිකරණය, සන්නාමකරණය, ඇසුරුම්කරණ හා විද්යුත් අළෙවිකරණ ක්‍රමවේද පිළිබඳ ශිල්පින් දැනුවත් කිරිම, මෑතකාලින වශයෙන් සංවර්ධනය වු නිෂ්පාදන ක්‍රමවේද (Learn management, TQM යනාදිය) පිළිබඳ ශිල්පීන් දැනුවත් කිරිම, පාරිභෝගික – ගැණුම්කරු වෙළඳ හමුවිම් සංවිධානය කිරිම යනාදී වශයෙන්
අදියරයන් කිහිපයක් යටතේ වැඩසටහන ක්‍රියාත්මක කිරිමට සැළසුම් කර ඇත.
Design, Development, Supply, Installation, Commissioning, Maintenance, Training and Implementation of e-craftsmen Information System
කොන්ත්‍රාත් අංකය: NCC/PRO/NCB/2025/ECD/01
සභාපති,දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව, ජාතික ශිල්ප සභාව, රෝහිණා මාවත, පැලවත්ත, බත්තරමුල්ල. දුරකථන අංක - 0112-784008
ජාතික ශිල්ප සභාව යටතේ ක්‍රියාත්මක වන කටුබැද්ද යාන්ත්‍රික වඩු කර්මාන්ත පුහුණු උසස් අභ්‍යාස ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කර ගුණාත්මකභාවය සහ පුහුණු ධාරිතාව වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම පිළිබඳ රැස්වීමක් පසුගිය දා (2025.06.26) කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිහනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා ගේ ප්‍රධානත්වයෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මෙම රැස්වීම සඳහා ජාතික ශිල්ප සභාව නියෝජනය කරමින් අධ්‍යක්ෂ එම්.ඩී.ආර්.ප්‍රසාද් මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පුහුණු) ආනන්ද ජයසිංහ මහතා සහභාගී වූ අතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් (ක්‍රම සම්පාදන) දිස්ත්‍රික් ඉංජිනේරු ඇතුළු ඉහළ නිළධාරීන්ද සමග මොරටුව ප්‍රාදේශීය ලේකම් සමන් ප්‍රසන්න කිරිවත්තුඩුව මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් අනූපමා අවන්ති ලැනරෝල් මහත්මිය, ගණකාධිකාරී, තාක්ෂණ නිළධාරී ඇතුළු මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් රැසක් ද සහභාගී විය.
මෙහි දී දිස්ත්‍රික් ලේකම් තුමන් ඇතුළු පිරිස මෙම යාන්ත්‍රික වඩු කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානය නිරීක්ෂණය සඳහා ද එක්වූ අතර එහි පුහුණුලාභීන් පුහුණුවන අයුරු මෙන්ම ගොඩනගිලි, යන්ත්‍රසූත්‍ර පිළිබඳව සොයා බලන ලදී.
එහි ඇති අළුත්වැඩියා කළයුතු ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණ පත්‍ර (BOQ) සැකසීම සඳහා දිත්‍රික් ඉංජිනේරුවරිය සහ තාක්ෂණික නිළධාරීන් වෙත දිස්ත්‍රික් ලේකම්තුමා විසින් උපදෙස් ලබාදුන් අතර ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදීමට එකඟතාව ඵලකරන ලදී. පාඨමාලා අවසන් කරන පුහුණුලාභීන් සඳහා දෙස්, විදෙස් කර්මාන්ත ශාලා වල රැකියා අවස්ථා සපයාදීමට වඩා වැදගත් බවත්, මෙහෙයුම් කටයුතු සඳහා යම් සහායක් අවශ්‍ය වේනම් ජාතික ශිල්ප සභාවට අවශ්‍ය එම සහාය ලබාදෙන ලෙසත් දිස්ත්‍රික් ලේකම් තුමන් සෙසු නිළධාරීන් වෙත මෙහිදී උපදෙස් ලබාදෙන ලදී.
“ශිල්ප අභිමානී – 2025” පළාත් හා ජාතික හස්ත කර්මාන්ත තරඟය ප්‍රදර්ශනය, අළෙවිපොල සහ ජනාධිපති සම්මාන ප්‍රදානය
දීප ව්‍යාප්ත ශිල්පීන් දැනුවත් කිරීම හා නිර්මාණ සංවර්ධන වැඩසටහන් මාලාව 2025 ජුනි සහ ජූලි මාසයන්හි දී..
පළාත් තරඟ විනිශ්චය කටයුතු 2025 ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසයන්හි දී..
වැඩිදුර තොරතුරු සඳහා විමසන්න..
පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කල අනුරාධපුර “පුරවර උදාන – 2025” පොසොන් කලාපය නැරඹීමට පැමිණෙන දේශීය බැතිමතුන්, විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කල අත්කම් අළෙවි පොල 2025.06.10 දා ආරම්භ කෙරිණි. 2025.06.22 දින දක්වා පැවැත්වීමට නියමිත මෙම අළෙවිපොලෙහි හස්ත කර්මාන්ත නිර්මාණ සඳහා හොඳ ඉල්ලුමක් තිබෙනු දනට ලැබිණි.
පොසොන් පොහොය සහ පොළොන්නරුව ගල් විහාරයේ වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන දේශීය බැතිමතුන්, විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ජාතික ශිල්ප සභාව විසින් අත්කම් අළෙවි පොලක් පසුගියදා (ජුනි 9, 10 සහ 11) පොළොන්නරුව ගල් විහාර පුදබිමේදී පැවැත්විණි.
ගල්ලැහැ පන් පොල්කටු, වේවැල්, රෙදි ආශ්‍රිත නිර්මාණ හා විවිධ හස්ත කර්මාන්ත නිර්මාණ ඇතුළත් ශිල්පීන් 20 දෙනෙකුගේ නිර්මාණ මෙම අලෙවිපොල සඳහා ඉදිරිපත් විය.
ජාතික ශිල්ප සභාවේ ශිල්පීන් ලියාපදිංචි කිරීමේ දත්ත පද්ධතිය යාවත්කාලීන කරමින් පවතී. ඒ සඳහා තොරතුරු ලබා ගැනීමේ කටයුතු සියලුම පළාත් / දිස්ත්‍රික් කාර්යාලවලදී මේ වන විට ආරම්භ කර ඇත. මෙම යාවත්කාලීන කිරීම තුළින් ඔබගේ සියලු වර්තමාන ගැටළු හඳුනා ගැනීමත්, අලෙවි අවස්ථා ලබා දීමත්, ගැණුම්කරුවන් සම්බන්ධ කිරීමත්, අමුද්‍රව්‍ය ගැටළු හඳුනා ගැනීමත් සිදු කරන බැවින් ඔබගේ වර්තමාන තොරතුරු යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය වේ.
එබැවින්, ඔබගේ පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප දෙකක් (දුරකථනයෙන් ලබා ගත් පැහැදිලි ඡායාරූප වුවද ප්‍රමාණවත් වේ) සහ ජාතික හැදුනුම්පතේ පිටපතක්, සහිතව, ඔබට අයත් පළාත් / දිස්ත්‍රික් කාර්යාලයට ගොස් එම ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කර ගන්නා ලෙස මෙයින් කාරුණිකව දන්වා සිටිමි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහා ඔබ පළාතේ / දිස්ත්‍රික්කයේ නිලධාරී මහතා අමතන්න
හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ කුසලතාවයන්, ඵලදායීතා සංකල්ප හා ක්‍රමවේද තුළින් ඉහළ නැංවීම සඳහා ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන දින 05ක මූලික ඵලදායීතා පුහුණු වැඩසටහනක් (මූලික ඵලදායීතා සංකල්ප හා ක්‍රමවේද ඇතුලත්) ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි, තෝරාගත් ශිල්පීන් 500 දෙනෙකු සඳහා Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සැලසුම් කර ඇත.