ජාතික ශිල්ප සභාව විසින් පවත්වනු ලැබු ශිල්ප අභිමානී – 2024 ජාතික හස්ත කර්මාන්ත තරගයට සමගාමීව පැවති පළාත් තරගයේදී උතුරු පළාතේ ජයග්‍රහණ හිමිකරගත් ශිල්පීන් වෙත සම්මාන හා මුදල් ත්‍යාග ප්‍රදානය සහ උතුරු පළාත් කර්මාන්ත අලෙවිපොළ සමාරම්භය පසුගියදා (2024.04.10) ජාතික ශිල්ප සභාවේ සභාපතිනී ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මහත්මිය, උතුරු පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ වනජා සෙල්වරත්නම් මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් යාපනය මුත්‍රවේලි ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
මෙවර සම්මාන ප්‍රදානයේ සුවිශේෂීත්වය නම්, ශිල්ප අභිමානී – 2024” ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත ජාතික තරඟයේ ස්වර්ණ සම්මානයක් ප්‍රථම වතාවට උතුරු පළාත හිමිකර ගැනීමයි. ඒ අනුව සාම්ප්‍රදායික නොවන අංශයේ රන් සම්මානය යාපනය ප්‍රදේශයේ පදිංචි වාද්‍ය භාණ්ඩ නිර්මාණ ශිල්පී පී.ශ්‍යාමක්‍රිශ්නා මහතා විසින් හිමිකරගන්නා ලදි.
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද ඉලක්ක කරගනිමින් හස්ත කර්මාන්ත ශිල්පීන් ඇතුළු කර්මාන්ත කරුවන් හට සිය නිශ්පාදන අලෙවිකර ගැනීමට අලෙවි පහසුකම් සලසා දීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම උතුරු පළාත් කර්මාන්ත අලෙවිපොළ අලෙවි කුටි 112කින් සමන්විත වූ අතර එමගින් දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් 42ක් වෙත අලෙවි පහසුකම් හිමිකර දෙන ලදි.