Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

සීගිරිය හස්ත කර්මාන්ත නිෂ්පාදන හා අළෙවි ගම්මානය නවීකරණය කර සංචාරක ආකර්ශනීය ගමනාන්තයක් බවට පත් කිරීම පිළිබදව සාකච්ඡාවක් 2025.03.11 දින ජාතික ශිල්ප සභාවේ සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, සළුසල ආයතනය, මැණික් හා ස්වරණාභරණ අධිකාරිය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, මධ්‍යම සංස්කෘතික අරමුදල හා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය යන ආයතනවල නිලධාරී මහත්ම මහත්මීන් සහභාවී වූ අතර මධ්‍යම පළාත් කර්මාන්ත ලේකම්, මධ්‍යම පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ හා ජාතික ශිල්ප සභාවේ මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ යන නිලධාරීන් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.

එම සාකච්ඡාවේදී සීගිරිය හස්ත කර්මාන්ත නිෂ්පාදන හා අලෙවි ගම්මානය සංවර්ධනය කර පවත්වාගෙන යාම සඳහා අදාළ රාජ්‍ය ආයතනවල සහයෝගය ලබා දීමට කැමැත්ත පළ කරන ලද අතර සම්බන්ධිත ආයතනවල යෝජනා ඇතුළත් වන පරිදි ඒකාබද්ධ ව්‍යාපෘති වාර්තාවක් (Integrated Project Report) සකස් කිරීමටත්, අදියර දෙකක් යටතේ ගම්මානය සංවර්ධනය කිරීමටත් තීරණය විය.

එමෙන්ම රාජ්‍ය ආයතනවලට අමතරව පෞද්ගලික අංශයේ සංකල්පීය, තාක්ෂණික හා මූල්‍යමය දායකත්වය ලබා ගැනීමට ද තීරණය විය.