අපනයන සංවර්ධන මණ්ඩලයේ මගපෙන්වීම යටතේ ජර්මනියේ ටාරා ආයතනයේ නිලධාරී කණ්ඩායමක් හා ජාතික ශිල්ප සභාවේ සභාපතිනිය අතර සාකච්ඡාවක් 2025 පෙබරවාරි 18 දින ජාතික ශිල්ප සභාවේදී පවත්වන ලදී. “Tara” සන්නාමය යටතේ හස්ත කර්මාන්ත නිෂ්පාදකයින් සඳහා නව මෝස්‌තර සැපයීම මගින් යුරෝපීය වෙළඳපොළ ඉලක්ක කර නව නිපැයුම් නිෂ්පාදනය කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ. මෙහි මුලික පියවරක් ලෙස ලී ආශ්‍රිත නිර්මාණ, ආභරණ, රෙදි පිළි හා සෙරමික් යන අංශ හතර කෙරෙහි ඔවුන් අවධානය යොමු කර ඇත. මෙම අවස්ථාව සඳහා ජාතික ශිල්ප සභාවේ සභාපතිනී, අධ්‍යක්ෂ, අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ (කර්මාන්ත නිමැයුම්) යන නිලධාරීන් සහභාගී විය.