ජාතික ශිල්ප සභාවේ වයඹ පළාත් කාර්යාල සේවා පියස පවත්වාගෙන යනු ලබන වාරියපොළ, ගලගෙදර පිහිටි “ලක් ශිල්ප” අලවිසැල නිරීක්ෂණය කිරීම සඳහා ජාතික ශිල්ප සභාවේ සභාපතිනී ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මහත්මිය පසුගියදා (2025.02.11) එහි ගියාය.
එහිදී.. අලවිසැල තුළ දැනට පවතින අත්කම් නිර්මාණ නිරීක්ෂණය කළ අතර පාරිභෝගික අවශ්‍යතා හඳුනාගෙන විවිධ ක්ෂේත්‍රවල නිර්මාණ එකතුවක් ලෙස තවදුරටත් පුළුල් කිරීමටත්, නිෂ්පාදනවල ගුණාත්මක භාවය, නිමාව, උපයෝගීතාවය හා නව මෝස්තර පිළිබඳ අවධානය යොමු කිරීමට ශිල්පීන් දැනුවත් කර උනන්දු කරවන ලෙස සභාපතිතුමිය විසින් වයඹ පළාත් සහකාර අධ්‍යක්ෂ රෝහණ පල්ලෙපොල මහතා වෙත උපදෙස් ලබා දෙන ලදී.