ජාතික ශිල්ප සභාවේ සභාපති ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ (දේශීය සංචාරක සමාජ සම්බන්ධතා) ප්‍රභාශිනී මංජුලා අල්විස් මහත්මිය හා කනිෂ්ඨ කළමනාකරු චන්දන මුණසිංහ මහතාගේ සහභාගිත්වයෙන් 2025.01.16 දින සංචාරක සංවර්ධන අධිකාරියේ දී පැවති සාකච්ඡාවකදී සංචාරක ගමනාන්ත ලෙස ගම්මාන 04ක් මෙම වර්ෂය තුල සංවර්ධනය කිරීමටත් සංචාරක කර්මාන්තය සඳහා සිහිවටන හා තෑගි භාණ්ඩ නිර්මාණ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, දේශීය හස්ත කර්මාන්ත හා ශිල්පීන් ප්‍රවර්ධනය කිරීමට සංචාරක සංවර්ධන අධිකාරියේ සහයෝගය ලබා දීමටත් එකඟතාවය පළ විය. එහි එක් පියවරක් ලෙස 2025.01.20 දින සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා ජාතික ශිල්ප සභාවේ සභාපතිනී ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු නිලධාරීන් සීගිරිය හස්ත කර්මාන්ත ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය. එහිදී ගම්මානයේ ස්ථාපිත කර ඇති ලක් ශිල්ප අලෙවි සැල නිරීක්ෂණය කල අතර අලෙවි සැල වෙත විදේශ සංචාරකයන් රැගෙන ඒම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමට ද යෝජනා විය. ගම්මානය සංචාරක ආකර්ෂණය සහිත ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ඒකාබද්ධ ව්‍යාපෘති වාර්තාවක් කඩිනමින් සකස් කර සංචාරක සංවර්ධන අධිකාරිය වෙත යොමු කිරීමට තීරණය විය.