Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313
National Crafts Council
Follow Us :

වසර සියයක සාඩම්බර ඉතිහාසකට උරුමකම් කියන කැළණිය වරාගොඩ සෙරමික් හා රතුමැටි සේවා මධ්‍යස්ථානය යලි පණ ලබයි ….

කැළණිය ඓතිහාසික පුරවරයෙහි පිහිටි වරාගොඩ සෙරමික් මධ්‍යස්ථානය දිගු ඉතිහාසයකට නෑකම් කියයි. රතුමැටි ආශ්‍රිතව විසිතුරු භාණ්ඩ නිෂ්පාදන පුහුණු පාසලක් ලෙස ආරම්භ වූ මෙම මධ්‍යස්ථානය වසර 1959 දී සුදුමැටි (දිස්න මැටි) ආශ්‍රිතව සෙරමික් කර්මාන්තය දක්වා වැඩිදියුණු විය. එතැන් සිට වරාගොඩ සෙරමික් මධ්‍යස්ථානය ලෙස ප්‍රචලිතව ලංකාවේ ප්‍රථම සෙරමික් පුහුණු ආයතනය බවට පත්විය. පසුකාලීනව විවිධ ආයතනයන් යටතේ සියළු පහසුකම් සහිතව මෙම මධ්‍යස්ථානය සංවර්ධනය වී ක්‍රියාත්මකව පැවතිය ද මීට දශක දෙකකට පෙර වරාගොඩ සෙරමික් මධ්‍යස්ථානය අකර්මණ්‍ය වීමෙන් පසුව ජාතික ශිල්ප සභාව වෙත පැවරිණි.

මෙම ආයතනය යළි නඟා සිටුවීම සඳහා දීර්ඝකාලීනව ගත් උත්සාහයන් ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිකම නිසා ආසාර්ථක විය. නමුත් 2020 වසරේ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පිහිටුවීමත් සමඟ එහි ගරු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා මෙම වරාගොඩ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරන ලදී. එහි අනාගත වටිනාකම තේරුම් ගත් රාජ්‍ය අමාත්‍යවරයා විශේෂ ව්‍යාපෘතියක් සකස් කොට ඒ සදහා ප්‍රතිපාදන වෙන් කරන ලදී. ඒ අනුව ජාතික ශිල්ප සභාව විසින් වරාගොඩ සෙරමික් මධ්‍යස්ථානය යලි නගා සිටුවමින් සේවාවන් රැසක් ලබාදීමට අවශ්‍ය සියළු පහසුකම් සහිතව සංවර්ධනය කරන ලදී. ඒ යටතේ පුහුණු පාඨමාලා විධිමත් කිරීම, අමුද්‍රව්‍ය කළමණාකරණ ඒකකය පිහිටුවීම, යන්ත්‍රෝපකරණ නවීකරණය කොට නිෂ්පාදන අංශය සංවර්ධනය කිරීම, “ලක්ශිල්ප” අලෙවිසැල පිහිටුවීම ආදී සංවර්ධන කටයුතු රැසක් සිදුවිය.

වරාගොඩ සෙරමික් හා රතුමැටි සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාගේ ආරාධනයෙන් ගරු වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022.10.06 දින පෙරවරුවේදී සිදු විය.

මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය ගරු රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ද කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතා, අතිරේක ලේකම් ඒ. ලක්කදාස් මහතා, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති අජිත් ජයවර්ධන මහතා සහ ජාතික ශිල්ප සභාවේ අධ්‍යක්ෂිකා චන්ද්‍රමාලි ලියනගේ මහත්මිය ඇතුළු නිළධාරීහු රැසක් සහභාගි වූහ.