ශිල්ප අභිමානී 2025 පළාත් හා ජාතික තරඟාවලියට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන නිර්මාණ සංවර්ධන වැඩසටහන් මාලාවේ ආරම්භක වැඩමුළුව පසුගියදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.
මෙම අවස්ථාවට සහභාගි වූ ජාතික ශිල්ප සභාවේ සභාපතිනි ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මැතිනිය ශිල්පීන් අමතමින් කියා සිටියේ…,
“ශිල්ප අභිමානී 2025” විධිමත්ව හා වඩාත් ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම සදහා පසුගිය මාස කිහිපය යෙදවීමට සිදුවූ බවයි.
එහි පළමු අදියර ලෙස දිස්ත්‍රික් මට්ටමින් නිර්මාණ සංවර්ධන වැඩසටහන් පැවැත්වීමටත්, පළාත් හා ජාතික තරග පැවැත්වීමටත් සැලසුම්කර තිබෙනවා.
මොරටුව විශ්ව විද්‍යාලයේ සම්පත් දායකත්වයෙන් පැවැත්වෙන මේ වැඩමුළුවේදී..
අපේක්ෂා කරන්නේ නිර්මාණකරණයේ දී ශිල්පීන් විසින් අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳවත්,දේශීය හා විදේශීය වෙළෙඳපොළ දක්වා නිර්මාණ සංවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමටයි.
ශිල්පීන්ගේ නිර්මාණශීලීත්වය ඇගැයීමට පත්කර සම්මාන, කුසලාන දීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකියි,
ඔවුන්ගේ නිර්මාණශීලීත්වයට වෙළෙඳපොළ සකස්කර දිය යුතු වෙනවා.
ශිල්පීන්ගේ ආර්ථිකය වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළක් තුළින් පමණයි හස්ත කර්මාන්ත ආරක්ෂා වෙන්නේ,
ඒ නිසා, ශිල්පීන් සාම්ප්‍රදායික නිර්මාණ කරන ගමන්ම වෙළෙඳපොළ අවශ්‍යතා වෙනුවෙන් ඉහළ ගුණාත්මක බවින් යුත් අත්කම් නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා.
නිර්මාණකරණයේ යෙදෙන ශිල්පීන්ට මෙම වැඩමුළුව සූදානම් කළේ ඔබගේ නිර්මාණශීලී හැකියාවට නව මානයක් ලබාදීම වෙනුවෙන්..
ඒ නිසා, මෙම වැඩමුළුව තුළින් උපරිම ප්‍රයෝජන අරගෙන ශිල්ප අභිමානී 2025 ට ගම්පහ දිස්ත්‍රික්කයේ විශිෂ්ඨ නිර්මාණ සමගින් එකතුවෙන්නැයි සභාපතිතුමිය ශිල්පීන් සැමටම ආරාධනා කළාය.
මෙම අවස්ථාවට සහභාගි වූ ගම්පහ දිස්ත්‍රික් ලේකම්තුමා කියා සිටියේ..
ජාතික ශිල්ප සභාව විසින් “ශිල්ප අභිමානී 2025” තරඟාවලිය සඳහා පළමු වැඩසටහන සඳහා ගම්පහ දිස්ත්‍රික්කය තෝරා ගැනීම පිළිබඳව සතුටට පත්වන බවත්, මෙම තරඟාවලියෙදී ගම්පහ දිස්ත්‍රික්කයේ නිර්මාණකරුවන්ගේ ජයග්‍රහණ ජාතික තලයට ගෙන ඒමට ආශිර්වාද කරන බවයි. තවද, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හතරවන මහලේ, ව්‍යවසාය සංවර්ධන ඒකකයක් පිහිටුවා ඇති බවත්, හස්ත කර්මාන්ත ශිල්පීන්ටද එහි සේවා ලබා ගැනීමට හැකියාව පවතින බවත් දිස්ත්‍රික් ලේකම්තුමා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සැපැයූවේ..
මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සුනෙත් සේනාරත්න මහතා ප්රමුඛ කණ්ඩායමක් විසිනි. ජාතික ශිල්ප සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂ නිශාන්ත විජයලත් මහතා සම්බන්ධීකරණය කල මෙම සටහන, බස්නාහිර පළාත් ස/අධ්යක්ෂ තාරකා කුලතුංග මහත්මිය හා ගම්පහ දිස්ත්‍රික් නිලධාරී ටිෂාන් මහතා විසින් සංවිධානය කර තිබුණි.
මෙම වැඩමුළුව සඳහා ශිල්පීන් එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූහ.