Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

“ශිල්ප අභිමානී-2024” ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උළෙල

ශ්‍රී ලාංකිකයන් අභිමානවත් වූ, නිර්මාණශීලි ජනතාවකි. ඔවුන්ගේ දෑතින් නිර්මාණය වන අත්කම් ශිල්ප කලාත්මක අගයෙන් අනූනය. ශ්‍රි ලංකාවේ ඒ අභිමානවත් ජනකලාවන්ගේ ඉතිහාසය දුරාතීතයට විහිදී යයි. අත්කම් ශිල්පීන්ට අතීතයේ පටන් සමාජය තුල සුවිශේෂි ස්ථානයක් හිමි වූ අතර රාජ්‍ය ගෞරව සම්මානයන්ගෙන් ද පිදුම් ලැබූහ. එහි තවත් එක් දිගුවක් ලෙස “ශිල්ප අභිමානී-2024” ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උළෙල පසුගියදා (28) කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

මුලික හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර 31 ක් හා උප ක්ෂේත්‍ර 66 ක් නියෝජනය වන පරිදි ජාතික විනිශ්චය සිදුකෙරුණු අතර එහිදී ස්වර්ණ, රජත, ජාතික, ප්‍රථම, දෙවන, තෙවන හා කුසලතා ලෙස ජයග්‍රාහී ශිල්පීන් තෝරා ගනු ලබයි. ඒ අනුව හස්ත කර්මාන්ත ශිල්පීන් 407දෙනෙක් සම්මාන හිමි කරගන්නා ලදී.

ශිල්ප අභිමානී – 2024 තරගයේදී සාම්ප්‍රදායික අංශයෙන් ස්වර්ණ සම්මානය හිමිකරගනු ලබනුයේ, මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ, පිළිමතලාව, ගොවින්දල පදිංචි, ටී.ජී.සමන් නැමැති ප්‍රවීණ නිර්මාණ කරුවාය. ඔහු විසින් පිත්තල වාත්තු අංශයෙන් ඉදිරිපත් කළ සමාධි බුද්ධ ප්‍රතිමාව වෙනුවෙන් මෙම ස්වර්ණ සම්මානය හිමි විය.

සාම්ප්‍රදායික නොවන අංශය නියෝජනය කරමින් මෙවර ස්වර්ණ සම්මානය හිමිකරගනු ලැබුවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, වන්නර්පන්නා හි පදිංචි P.S.Sammakrishna නම් ප්‍රවීණ නිර්මාණ කරුවාය.  ඔහු විසින් වාද්‍ය භාණ්ඩ අංශයෙන් ඉදිරිපත් කළ වයලීනය වෙනුවෙන් මෙම ස්වර්ණ සම්මාන හිමිව තිබේ.  උතුරු පළාත හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ ස්වර්ණ සම්මානයක් දිනාගත් ප්‍රථම අවස්ථාව මෙය වන්නේය.

මෙම අවස්තාවට කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මැතිතුමිය, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරන්ග අබේසිංහ මැතිතුමා, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජේ.එම් තිලකා ජයසුන්දර මහත්මිය, ජාතික ශිල්ප සභාවේ සභාපතිනී ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මහත්මිය, රාජ්‍ය නිළධාරීන්, ජයග්‍රාහී හස්ත කර්මාන්ත ශිල්පීන් ඇතුළු සම්භාවන්නීය අමුත්තන් ‍රැසක් සහභාගී විය.