ජාතික ශිල්ප සභාවේ ඌව පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.එම්.ජී. කමල් මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් පසුගිය දා… මොණරාගල දිස්ත්‍රික්කයේ – පොල්ගහවෙල සාම්ප්‍රදායික මැටි කර්මාන්ත ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහි ශිල්පීන් ප්‍රධාන වශයෙන් සාම්ප්‍රදායික මැටි භාණ්ඩ නිෂ්පාදනයට සීමාවී සිටිති. අවම අමුද්‍රව්‍ය භාවිතා කරමින් වැඩි වටිනාකමකින් යුත් විසිතුරු භාණ්ඩ වැනි දෑ නිර්මාණය කිරීමට ඔවුන්ට තාක්ෂණික දැනුම නොමැති වීම හේතුවෙන් තරඟකාරී වෙළඳපොළට ඇතුළු වීමට අපහසු වී ඇති බව නිරීක්ෂණය විය.
ඒ අනුව, එම ගම්මානයේ ශිල්පීන්ගේ නිර්මාණ සංවර්ධනය හා අලෙවිකරණය පිළිබඳ පුහුණු වැඩමුළුවක් ලබාදීම පිළිබඳව එහිදී යෝජනා විය.