ජාතික ශිල්ප සභාව මගින් සංවිධානය කළ “ශිල්ප අභිමානී – 2024” ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත ජාතික තරඟයට සමගාමීව පැවති බස්නාහිර පළාත් තරඟයේ ජයග්‍රහණ හිමිකර ගත් හස්ත කර්මාන්ත ශිල්පීන් ඇගැයීම වෙනුවෙන් බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව හා ජාතික ශිල්ප සභාව එක්ව සංවිධානය කල “පෑලදිග විස්කම්” බස්නාහිර පළාත් සම්මාන උළෙල 2025.02.25 (අද) බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
බස්නාහිර පළාත් කර්මාන්ත අමාත්‍යංශ ලේකම් අනෝමා මානෙල් මහත්මිය හා ජාතික ශිල්ප සභාවේ සභාපතිනී ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සම්මාන උළෙලේදී “ශිල්ප අභිමානී – 2024” ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරඟයේ බස්නාහිර පළාතේ ජයග්‍රාහී ශිල්පීන් 232 දෙනෙකු සහ “Crafting Ceylon – 2024” වැඩසටහනේ ජයග්‍රහණ හිමි කරගත් හස්ත කර්මාන්ත ශිල්පීන් 23 දෙනෙකු සම්මාන හා මුදල් ත්‍යාග වලින් පිදුම් ලැබීය.
මෙම අවස්ථාවට ජාතික ශිල්ප සභාවේ අධ්‍යක්ෂ එම්.ඩී.ආර්. ප්‍රසාද් මහතා ඇතුළු ජාතික ශිල්ප සභාවේ නිලධාරීන්, බස්නාහිර පළාත් සභාවේ නිලධාරීන් හා හස්ත කර්මාන්ත ශිල්පීන් රැසක් සහභාගී වූහ.