ජාතික ශිල්ප සභාව යටතේ ක්‍රියාත්මක වන කටුබැද්ද යාන්ත්‍රික වඩු කර්මාන්ත පුහුණු උසස් අභ්‍යාස ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කර ගුණාත්මකභාවය සහ පුහුණු ධාරිතාව වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම පිළිබඳ රැස්වීමක් පසුගිය දා (2025.06.26) කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිහනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා ගේ ප්‍රධානත්වයෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මෙම රැස්වීම සඳහා ජාතික ශිල්ප සභාව නියෝජනය කරමින් අධ්යක්ෂ එම්.ඩී.ආර්.ප්‍රසාද් මහතා සහ නියෝජ්‍ය අධ්යක්ෂ (පුහුණු) ආනන්ද ජයසිංහ මහතා සහභාගී වූ අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජෙනරාල් (ක්‍රම සම්පාදන) දිස්ත්‍රික් ඉංජිනේරු ඇතුළු ඉහළ නිළධාරීන්ද සමග මොරටුව ප්‍රාදේශීය ලේකම් සමන් ප්‍රසන්න කිරිවත්තුඩුව මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් අනූපමා අවන්ති ලැනරෝල් මහත්මිය, ගණකාධිකාරී, තාක්ෂණ නිළධාරී ඇතුළු මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් රැසක් ද සහභාගී විය.
මෙහි දී දිස්ත්‍රික් ලේකම් තුමන් ඇතුළු පිරිස මෙම යාන්ත්‍රික වඩු කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානය නිරීක්ෂණය සඳහා ද එක්වූ අතර එහි පුහුණුලාභීන් පුහුණුවන අයුරු මෙන්ම ගොඩනගිලි, යන්ත්රසූත්ර පිළිබඳව සොයා බලන ලදී.
එහි ඇති අළුත්වැඩියා කළයුතු ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණ පත්‍ර (BOQ) සැකසීම සඳහා දිත්‍රික් ඉංජිනේරුවරිය සහ තාක්ෂණික නිළධාරීන් වෙත දිස්ත්‍රික් ලේකම්තුමා විසින් උපදෙස් ලබාදුන් අතර ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදීමට එකඟතාව ඵලකරන ලදී. පාඨමාලා අවසන් කරන පුහුණුලාභීන් සඳහා දෙස්, විදෙස් කර්මාන්ත ශාලා වල රැකියා අවස්ථා සපයාදීමට වඩා වැදගත් බවත්, මෙහෙයුම් කටයුතු සඳහා යම් සහායක් අවශ්‍ය වේනම් ජාතික ශිල්ප සභාවට අවශ්‍ය එම සහාය ලබාදෙන ලෙසත් දිස්ත්‍රික් ලේකම් තුමන් සෙසු නිළධාරීන් වෙත මෙහිදී උපදෙස් ලබාදෙන ලදී.