ජාතික ශිල්ප සභාව ක්‍රියාත්මක කරන අමුද්‍රව්‍ය වගා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය හා එක්ව ක්‍රියාත්මක කරනු ලබන දුනුකේ පැල වගා ව්‍යාපෘතිය 2022.02.24 දින ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතා සහ ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ (වැ.බ.) වෛද්‍ය ලක්ෂ්මන් රුද්‍රිගෝ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ මතුගම – නිවිතිගලකැලේ උප මධ්‍යස්ථාන පරිශ්‍රයේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ අක්කර 2 ක භූමි ප්‍රමාණයක් තුළ, දුනුකේ පැල 800 ක පමණ ප්‍රමාණයක් රෝපණය කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ මතුගම – නිවිතිගලකැලේ උප මධ්‍යස්ථානයේ නිළධාරී මහත්මීන් සහ සේවක පිරිස සහභාගී වූ අතර වැඩසටහන සාර්ථක කර ගැනීමට ඔවුන්ගේ නොමද සහය හිමිවිය. ඒ පිළිබඳ ජාතික ශිල්ප සභාවේ සභාපතිතුමන්ගේ විශේෂ ස්තූතිය ඔවුන් වෙත පිරිනමන ලදී.
මෙලෙස වගා කරන අමුද්‍රව්‍ය වල වාණිජ වටිනාකම පෙන්වාදීම තුලින් මෙවැනි වගා ව්‍යාපෘති ජනතාව අතර වඩාත් ප්‍රචලිත කළ හැකි බවත්, මෙලෙස අමුද්‍රව්‍යය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ප්‍රදේශ ආශ්‍රිතව ඉදිරියේදී ජාතික ශිල්ප සභාවේ පුහුණු වැඩසටහන් ද ක්‍රියාත්මක කළ යුතු බවත් සභාපතිතුමන් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.