Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

“ශිල්ප Thursday” සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය …

වේවැල්, පිත්තල, මැටි, ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ ජාතික ශිල්ප සභාව සංවිධානය කරනු ලැබූ “ශිල්ප Thursday” සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය 2020 සැප්තැම්බර් 16 දින පෙ.ව. 10.00 ට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. මෙම අවස්ථාව සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා සමඟ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා ද එක්විය.

අලෙවි කුටි 125 කින් සමන්විත වන “ශිල්ප Thursday” සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත වෙළඳ ප්‍රදර්ශනය සෑම බ්‍රහස්පතින්දා දිනකම බත්තරමුල්ල දියත උයනේදී පැවැත්වේ. පෙ.ව. 8.30 සිට ප.ව. 8.30 දක්වා පැවැත්වෙන අත්කම් අලෙවි පොලෙන් නිර්මාණකරුවා වෙතින්ම පාරිභෝගිකයා හට නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව සලසා ඇති බැවින් සාධාරණ මිලකට නිර්මාණ අලෙවි වනු ලබයි.

ආරම්භක දිනයේදීම “ශිල්ප Thursday” නැරඹීම සදහා විශාල පිරිසක් පැමිණීම නිසා නිර්මාණකරුවා හට ඉහළ ආදායමක් ලබා ගැනීමට හැකි වූ අතර සමස්ථ ආදායම මිලියන 3.5 ඉක්මවිය.

කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් පසුව හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන් සවිබල ගැන්වීම අරමුණු කොට ගනිමින් ජාතික ශිල්ප සභාව සංවිධානය ‍කළ මෙම අලෙවිපොල හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වන්නක් විය.