Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

යටියන්තොට හස්ත කර්මාන්ත අලෙවිපොළ හා ප්‍රදර්ශනය ….

“යටියන්තොට ශිල්ප සමාජය” විසින් සංවිධානය කළ හස්ත කර්මාන්ත අලෙවිපොළ හා ප්‍රදර්ශනය 2022.09.26 දින යටියන්තොට පුර නැගුම වෙළෙඳ සංකීර්ණයේදී පැවැත්විණ.

ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතා විසින් මෙම ප්‍රදර්ශනය විවෘත කළ අතර නිළධාරීන් ඇතුළු ශිල්පීන් විශාල පිරිසක් ද එම අවස්ථාවට සහභාගි වූහ.

ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරනු ලබන “Crafting Ceylon” අපනයන අභිමුඛ නිෂ්පාදන සංවර්ධන වැඩසටහනට පූර්වගාමීව ශිල්පීන් දැනුවත් කිරීම හා ඒ සඳහා සූදානම් කිරීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන සංවිධානය කළ බව සබරගමුව පළාත් සහකාර අධ්‍යක්ෂ ධම්මික සමරසිංහ මහතා සහ ශිල්ප සමාජයේ සභාපති නිමල් අමරසිරි මහතා පැවසූහ.

ජාතික ශිල්ප සභාවේ සභාපතිතුමන් දිගු වේලාවක් ප්‍රදර්ශනය නැරඹූ අතර උණබට, පොල්කටු සහ දැව ආශ්‍රිතව කර තිබූ විශිෂ්ඨ නිර්මාණ රැසක් සභාපතිතුමාගේ ඇගැයීමට ලක්විය.

තවද, අපනයන වෙළෙඳපොල සඳහා නිර්මාණ සකස් කිරීමේදී අවධානය යොමු කළ යුතු අංශ පිළිබඳව සභාපතිතුමා විසින් ශිල්පීන්ව දැනුවත් කළේය.

ප්‍රදර්ශනය සඳහා නිර්මාණ ඉදිරිපත් කළ ශිල්පීන් ඇගැයීම වෙනුවෙන් යටියන්තොට “ශිල්ප සමාජය” විසින් සූදානම් කර තිබූ සහතිකපත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිය.