ගරු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා 2021.07.31 දින අනුරාධපුර “රජරට ශිල්ප සමාජයේ” නිර්මාණ ශිල්පීන් හමුවිය. මෙම අවස්ථාව සඳහා ගරු ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රෙස්න මැතිතුමා ද සහභාගී වූ අතර එහිදී ජාතික ශිල්ප සභාවේ පුහුණුව ලැබූ ආධුනික ශිල්පීන් වෙත සිය කර්මාන්ත ආරම්භ කිරීම සඳහා උපකරණ ප්‍රදානය ද සිදු කෙරිණි.
“ලූල්ණෑව, කුණුරාගම සහ රජරට ස්වශක්ති යන ශිල්ප සමාජයන්” පිහිටුවා සහතික පත්‍ර සමඟ චෙක්පත් ප්‍රදානය ද මෙහිදී සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විජිත බණ්ඩාරනායක මහතා, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතා සමඟ සීමිත ශිල්පීන් පිරිසක් එක් විය.