Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි ….

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ශිල්ප සභාව සහ පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින තල් සංවර්ධන මණ්ඩලය අතර තල්කොළ ආශ්‍රිත උපදේශකයන් පුහුණු කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට 2021.07.19 දින බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අත්සන් තැබීය.

ජාතික ශිල්ප සභාව වෙනුවෙන් සභාපති සම්පත් අරැහැපොල මහතා සහ තල් සංවර්ධන මණ්ඩලය වෙනුවෙන් සභාපති ක්‍රිශාන්ත පතිරාජ මහතා, ගරු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා හා ගරු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා ඉදිරියේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

රාජ්‍ය අමාත්‍යාංශ ද්විත්වයේ ලේකම් තුමන්ලා ඇතුළු සීමිත නිළධාරින් පිරිසක් මෙම අවස්ථාව සමග සම්බන්ධ විය. මෙහිදී සමූපකාර සමිති නියෝජනය කරමින් සාමාජිකයන් කිහිපදෙනෙකු සහභාගි වූ අතර ඔවුන් වෙත තල් සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කරන ලද නව හැදුනුම්පත් ප්‍රදානය ද සිදු කරන ලදී.