දිවයින පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන් ලියාපදිංචි කිරීම, හැඳුනුම්පත් නිකුත් කිරීම ශිල්ප සභාව ආරම්භ කොට ඇති තවත් වැදගත් ව්‍යාපෘතියකි. එමගින් අව්‍යාජ හස්ත කර්මාන්ත ශිල්පීන් හඳුනාගැනීම, ඔවුන් කොපමණ සංඛ්‍යාවක් සිටීද ඒ ඒ කර්මාන්ත වල නියැළුණු ශිල්පීන් ඒ ඒ ප්‍රදේශ වල ස්ථාන ගත වී තිබෙන ආකාරය තීරණය කිරීමට මෙයින් පහසු වේ.
සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී ද රජය මගින් සැපයෙන සේවාවන් ව්‍යාජ පුද්ගලයින් අතරට යෑම වැළැක්වීමට මෙයින් අත්වැලක් සැපයේ.