Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

හස්ත කර්මාන්ත ප්‍රදර්ශන හා තරග

හස්ත කර්මාන්ත ශිල්පීහු සෙසු වෘත්තීන් හි නියැළුණු පිරිසට වඩා වෙනස් සිතුම් පැතුම් වලින් හෙබි අය වෙති. ඔවුන් පරම්පරාවෙන් උරුම වූ ශිල්පීය නිපුණතාවය ගැන ආඩම්බරයෙන් පසුවන පිරිසකි. ඔවුන්ගේ විශිෂ්ඨ නිර්මාණ අගය කරනු දැකීමට හැම විටම කැමති වෙති. මූල්‍යමය ත්‍යාග වලට වඩා එම අගය කිරීම් වලට ඔවුහු කැමති වෙති. පෙර රජ දවස විශිෂ්ඨ නිර්මාණයක් කළ ශිල්පියා එය මුලින්ම ඉදිරිපත් කළේ රජතුමාට ය. රජතුමා එය ඉහළින් අගය කොට වස්තු ප්‍රදානය කිරීම, නම්බු නාම ප්‍රදානය කිරීම, ඇතැම්විට ගම්වර පවා ප්‍රදානය කිරීමට කටයුතු කළේය. රජුන්ගෙන් සම්මාන ලත් ශිල්පීන්ට ඉන් පසුව රටෙහි වැදගත් තැනක් හිමි විය. එම අතීත රජවරුන්ගේ ආදර්ශය අනුගමනය කරන ජාතික ශිල්ප සභාව වාර්ෂික තරග හා ප්‍රදර්ශන පවත්වා විශිෂ්ඨ දස්කම් දක්වන ශිල්පීන්ට ස්වර්ණ සම්මාන, රජත සම්මාන ආදිය ප්‍රදානය කිරීමෙන් ගෞරවය දක්වයි.

වාර්ෂිකව පවත්වනු ලබන “ශිල්ප අභිමානී” නමින් හදුන්වනු ලබන හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය වර්තමානයේ ලංකාවේ පවත්වන ඉහළම හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය වේ. මූලික ක්ෂේත්‍ර 19 ක් නියෝජනය වන පරිදි අනු ඛණ්ඩ 54 කට බෙදා ත්‍යාග පිරිනැමේ. සාම්ප්‍රදායික හා නව නිර්මාණ වශයෙන් කොටස් දෙකකට බෙදා ස්වර්ණ සම්මාන දෙකක් ප්‍රදානය කෙරේ.

සෑම ක්ෂේත්‍රයකටම ජාතික රජත සම්මාන පිරිනමා ඊට අමතරව ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන හිමිකර ගත් නිර්මාණ සඳහා සහතිකපත්‍ර හා මූල්‍යමය ත්‍යාග ප්‍රදානය කෙරේ.