Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

ශිල්ප සමාජයට ගසක් සිටවමු…

අතිගරු ජනාධිපතිතුමත් කළුවර පැළයක් සිටුවයි!

පෙබරවාරි හතර දිනට යෙදුණු 72 වන නිදහස් දින සැමරුමට සමගාමීව ජාතික ශිල්ප සභාව විසින් දීප ව්‍යාප්ත අමුද්‍රව්‍යය පැළ වගා ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. හස්ත කර්මාන්ත ‍ක්ෂේත්‍රය සඳහා ප්‍රයෝජනවත් වන වැටකේ පන්, කොලොන්, උණ, හණ, වේවැල්, කළුවර, මහෝගනී ආදී දැවයන්ට මේ වගාවන් තුල ප්‍රමුඛතාවය හිමි විය. මෙදින අතිගරු ජනාධිපතිතුමන් විසින් කළුවර පැළයක් රෝපණය කරමින් දේශිය හස්ත කර්මාන්ත ශිල්පීන් දිරිමත් කිරීම පිළිබඳව අපගේ ප්‍රණාමය පුද කර සිටිමු.
“වෙරළට නිදහස” පරිසර හිතකාමී ව්‍යාපෘතියට සමගාමීව ගල්කිස්ස මුහුදු තීරයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්වූයේ පෙරවරු 8 ට පොල්තෙල් පහන් සිළු ආලෝකමත් කරමින. ජාතික ශිල්ප සභාවේ නිර්මාණ ශිල්පීන් විසින් සංකේතවත්ව වෙරළ තීරයේ වැටකේ පැළ රෝපණය කළ අතර එම අවස්ථාව සඳහා දෙහිවල ගල්කිස්ස නගර සභාවත් Go Sri Lanka ආයතනය හා පාසල් සිසුන් විශාල පිරිසක් එක් විය.
මෙම ව්‍යාපෘතිය සමඟ එක්වූ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ උප නගරාධිපති අධි නීතීඥ කීර්ති උඩවත්ත මහතා සහ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ සභාපති ප්‍රවීණ කලා ශිල්පී සුදත් රෝහණ මහතා සහ Go Sri Lanka ආයතනයේ අධ්‍යක්ෂ අචලා ගුණවර්ධන මහත්මිය විසින් පැළ බෙදා දෙන ලදී. මෙම අවස්ථාව සඳහා ජාතික ශිල්ප සභාවේ සභාපති ප්‍රවීණ චිත්‍ර ශිල්පී සුදත් අබේසේකර මහතා සහ අධ්‍යක්ෂ චන්ද්‍රමාලි ලියනගේ මහත්මිය එක්විය.