ශ්‍රී ලාංකේය අනන්‍යතාවය තහවුරු කරන සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත වලට අතීතයේ සිට සුවිශේෂී අගයක් හිමිව තිබේ. ඒ අනුව පට්ටල් හතරේ කර්මාන්ත ඇතුළුව සම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කරමින් පවත්වාගෙන යාම සඳහා අතීතයේ රජ දවස නම්බුනාම, ගම්වර පවා ලබා දී ඇත. එම ශිල්ප පරම්පරාවන් මේ වන විටද නොනැසී පවතී.
ඊට අමතරව විවිධ හේතූන්, අවශ්‍යතා පදනම්ව බිහිවූ හා සංක්‍රමණය වූ හස්ත කර්මාන්ත, පරම්පරා ගණනාවක් තිස්සේ පවත්වාගෙන එමින් කණ්ඩායම් ලෙස ව්‍යාප්ත වූ අතර එහි වර්ධනයත් සමග ශිල්ප ගම්මාන බවට පත්විය. එම පාරම්පරික හස්ත කර්මාන්ත සංවර්ධනය කිරීම හා සංරක්ෂණය කිරීමේ අරමුණින් ජාතික ශිල්ප සභාව පිහිටුවා තිබේ.
ඒ අනුව, සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ලෙස සේසත්, ලාක්ෂා, රන්, රිදී ආභරණ, පිත්තල මූර්ති හා කැටයම්, දැව මූර්ති හා කැටයම්, දුම්බර රටා, වාද්‍ය භාණ්ඩ, මැටි ආශ්‍රිත නිෂ්පාදන, වෙස්මුහුණු, පාෂාණ මූර්ති හා කැටයම් රේන්ද යනාදී ශිල්ප නියෝජනය කරන, කණ්ඩායම් ලෙස ව්‍යාප්තව ඇති ගම්මානවල ශිල්පීන්ගේ සංවර්ධන කටයුතු වඩාත් ඵලදායි ලෙස විධිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා එම ශිල්පී කණ්ඩායම් ඒකරාශී කර ශිල්ප සමාජ පිහිටුවා ඒවා ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි කර තිබේ.
සාම්ප්‍රදායික ශිල්ප ක්ෂේත්‍ර වලට අමතරව පැදුරු, වේවැල් හා උණ බට, පොල්කටු ආශ්‍රිත නිර්මාණ, තල් හා තලකොල ආශ්‍රිත නිර්මාණ, පන් ආශ්‍රිත නිෂ්පාදන ආදී ලෙස කණ්ඩායම් ගත වූ ශිල්පීන් ද, විවිධ වූ හස්ත කර්මාන්තවල නියැලී සිටින ශිල්පීන් ද ඒකරාශී කර විධිමත් ව්‍යවස්ථාවක් යටතේ ශිල්ප සමාජ පිහිටුවා තිබේ.
ඒ අනුව, මේ වන විට පිහිටුවා ඇති හා ලියාපදිංචි කර ඇති ශිල්ප සමාජ සංඛ්‍යාව 200ක ට අධික වන අතර ජාතික ශිල්ප සභාව විසින් පසුගිය කාලය තුළ විශේෂ සංවර්ධන ව්‍යාපෘති යටතේ එවන් ගම්මාන එකසිය පනහකට වඩා වැඩි ප්‍රමාණයක කර්මාන්තවලට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සිදුකර ඇත.
තවද, දිවයින පුරා පිහිටුවා තිබෙන ශිල්ප සමාජ හරහා ශිල්පීන්ගේ ආර්ථික හා සමාජයීය තත්ත්වය වැඩිවුණු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කර එය ක්‍රියාත්මක කරමින් පවතී.
* ප්‍රාදේශීය ශිල්ප සමාජවල ශිල්පීන්ගේ අමුද්‍රව්‍ය ගැටලු, නිෂ්පාදනවල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම, වෙළඳපොළ අවස්ථා සම්බන්ධීකරණය හා ඵලදායීතා සංවර්ධනය.
* ප්‍රාදේශීය ශිල්ප සමාජ නියෝජනය කරමින් විධිමත් ව්‍යවස්ථාවක් යටතේ දිස්ත්‍රික් ශිල්ප සමාජ පිහිටුවීම.
* ප්‍රාදේශීය ශිල්ප සමාජවල පවතින ගැටලු විසඳා ගැනීම සඳහා සැලසුම් සකස්කර ඒවා ක්‍රියාත්මක කිරීමට විධිමත් ශක්තිමත් ව්‍යුහයක් ලෙස දිස්ත්‍රික් ශිල්ප සමාජ පිහිටුවීම
* දිස්ත්‍රික් ශිල්ප සමාජ නියෝජනය වන සේ පළාත් ශිල්ප සමාජ පිහිටවනු ලබන අතර ඒ ඒ දිස්ත්‍රික් මට්ටමින් හඳුනා ගත් ශිල්පීන්ගේ ගැටලු සඳහා විසඳුම් සෙවීම, ශිල්පීන්ගේ ආර්ථික හා සමාජීය තත්ත්වය නංවාලීම, ශිල්පීන්ගේ සුභසාධනය, ශිල්පීන්ගේ දැනුම හා තාක්ෂණය හුවමාරුව යන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා ශක්තිමත් වූත්, විධිමත් වූත් යාන්ත්‍රණයක් ලෙස පළාත් ශිල්ප සමාජ බලගැන්වීම
පුත්තලම දිස්ත්‍රික්කය
අ/අ | ශිල්ප සමාජයේ නම | ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය | සභාපතිගේ තොරතුරු | ලේකම්ගේ තොරතුරු |
---|---|---|---|---|
01 | රාල්මඩුව යසඉසුරු ශිල්ප සමාජය | වනාතවිල්ලුව | ||
හම්බන්තොට දිස්ත්‍රික්කය
අ/අ | ශිල්ප සමාජයේ නම | ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය | සභාපතිගේ තොරතුරු | ලේකම්ගේ තොරතුරු |
---|---|---|---|---|
01 | කොහොම්පෝරුව ශිල්ප සමාජය | කටුවන | ||