Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313

National Crafts Council
Follow Us :

“අපේ පන්තොට” ජාතික පන් වගා ව්‍යාපෘතිය ….

දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් හට අමුද්‍රව්‍ය ලෙස අවශ්‍ය පන් ලබා ගැනීම සඳහා “අපේ පන්තොට” ජාතික පන් වගා ව්‍යාපෘතිය 2021.06.29 දින වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පන්තොට ග්‍රාමයෙන් ආරම්භ කරන ලදී. වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ජාතික ශිල්ප සභාව විසින් මෙම සුවිශේෂී අවස්ථාව සංවිධානය කරන ලදී.

මෙම පන් වගා ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා රු.මි. 2.4 ක මූල්‍ය ප්‍රදානයක් පන් වගාවේ නිරත වන “පන්තොට ශිල්ප සමාජයේ” සාමාජිකයන් වෙත ලබා දෙන ලදී. ගරු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වගා ව්‍යාපෘතිය ආරම්භ කළ අතර ගරු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මැතිතුමා, වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති උදේනි අතුකෝරල මැතිතුමා ඇතුළු ප්‍රාදේශීය මහජන නියෝජිතයින් මෙම අවස්ථාව සමඟ එක් විය. එමෙන්ම රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විජිත බණ්ඩාරනායක මහතා, වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් සිතාරි උදයංගනී මහත්මිය සහ ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතා ඇතුළු නිළධාරීන් ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.