ජාතික ශිල්ප සභාව

ශ්‍රී ලංකාව ඉපැරණි ශිෂ්ඨාචාරයක් හිමි රටකි. එයට වර්ෂ 2500 කට වඩා පැරණි අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් තිබේ. එපමණක් ද නොව ශ්‍රී ලංකාවේ ශිෂ්ඨාචාරයේ ඉතිහාසය ඊටත් වඩා බොහෝ ඈතට දිවෙන බවට පුරාවිද්‍යා සාක්ෂි කැණීම් වලින් මතුවී තිබේ. ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත ඉතිහාසය ජාතියේ ඉතිහාසය තරම්ම පැරණිය. ක්‍රී.පූ. 6 වෙනි සියවස තරම් ඈත කාලයේ ශ්‍රී ලාංකිකයින් කපු වලින් රෙදි වියූ බවට සාක්ෂි තිබේ. ලාංකිකයින්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ කෘෂිකර්මාන්තය සමඟ විවිධ හස්ත කර්මාන්ත ද සමාන්තරව මනා සංයෝගයෙන් පැවති බව පැහැදිලි ය. මෙම ගෘහ කර්මාන්ත ද මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ කොටසක් විය. ගොවියා බත සැපයූ අතර, හස්ත කර්මාන්ත ශිල්පියා මුළුතැන්ගෙට හා ගොවිපලට අවශ්‍ය උපකරණ හා මෙවලම් සම්පාදනය කළේය. ඒ හැම උපකරණයක්ම මෙවලමක්ම කැටයමකින් හෝ චිත්‍රයකින් අලංකාර කිරීමට ශිල්පීහු අමතක නොකළහ. ඒ සඳහා අවශ්‍ය කුසලතාවය, ඉවසීම හා කාලය ඔහුට නොඅඩුව තිබිණ. එම නිසා සෑම මෙවලමක්ම උපකරණයක්ම කලා භාණ්ඩයක් ම විය. මෙයින් පැරණි ශිල්පීන්ගේ සෞන්දර්යාත්මක චින්තනය පැහැදිලි වේ. මහනුවර ජාතික කෞතුකාගාරයේ තබා ඇති භාණ්ඩ වලින් ඉහත සඳහන් කාරණා මනාව පැහැදිලි වේ. ගොවියා මෙන්ම හස්ත කර්මාන්ත ශිල්පියා ද සමාජයට අත්‍යාවශ්‍ය පුද්ගලයෙක් විය. භාණ්ඩ නිෂ්පාදනය කරනු ලැබුවේ වාණිජ පදනමකින් නොව අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණයට පමණි.


හස්ත කර්මාන්ත ශිල්පියාට හැමවිටම රජුගේ අනුග්‍රහය හිමිවිය. පුරාණ ලංකාවේ රජවරු හස්ත කර්මාන්ත ශිල්පීන් රැකබලා ගත්හ. ධෛර්යය දුන්හ. ඔවුන්ගේ දක්ෂතාවයන් අගය කළහ. දක්ෂ ශිල්පීන්ට ත්‍යාග දුන්හ. පුරාණ ලංකාවේ හස්ත කර්මාන්ත වර්ධනයට බෙහෙවින්ම උපකාරී වූයේ මෙම රාජ්‍ය අනුග්‍රහයයි. එම සම්ප්‍රදාය අඛණ්ඩව අද දක්වා පවතී. අතිගරු ජනාධිපතිතුමා සහ වර්තමාන රජය හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය ගැන විශේෂ උනන්දුවක් දක්වයි. වර්තමානයේ හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුවට එය බොහෝ සෙයින් ඉවහල් වේ.

 

කිසියම් රටක හස්ත කර්මාන්තය ආර්ථික ක්‍රියාවලියක් පමණක්ම නොවේ. ඊට වඩා වැදගත්කමක් එහි අන්තර්ගතව තිබේ.  හස්ත කර්මාන්ත කිසියම් රටක අනන්‍යතාවය හා සම්බන්ධ වේ. ඒ ඒ රටවල අනන්‍යතාවය හස්ත කර්මාන්ත වලින් හෙළිවේ. ඉන්දීය භාණ්ඩයක් සහ ලාංකික භාණ්ඩයක් පරීක්ෂා කළ සැණින් එය නිපද වූ රට පහසුවෙන් වටහා ගත හැකිය. ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත වල මිනිසුන්ගේ සිතුම් පැතුම්, සංස්කෘතිය, ශික්ෂණය, ඉවසීම ආදී තවත් බොහෝ දේ ගැබ්ව තිබේ. එම නිසා අපගේ හස්ත කර්මාන්ත රැක ගැනීම, වැඩිදියුණු කිරීම ආර්ථික වශයෙන් පමණක් නොව සංස්කෘතික වශයෙන් ද වැදගත් වේ. හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ තවත් විශේෂ වාසි කිහිපයක් දක්නට ලැබේ. යාන්ත්‍රික කර්මාන්ත මෙන් එයින් පරිසර හානි සිදු නොවේ. එපමණක්ම නොව ග්‍රාමීය මට්ටමෙන් රැකියා අවස්ථා ඇති කිරීමේ ශක්‍යතාවයක් ද එහි තිබේ. රැකියා සොයා ගමින් නගරයට මහජනයා සංක්‍රමණය වී නගරබද තදබදය වැඩිවීම එයින් තරමක් දුරට පාලනය කළ හැක. මෙම වාසිදායක තත්වය නිසා රජය හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයට වැඩි අවධානයක් යොමු කරයි.

 

ඉහත සඳහන් පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම පිණිස 1982 අංක 35 දරන ජාතික ශිල්ප සභා සහ අනුබද්ධ ආයතන පිහිටුවීමේ පනත සම්මත කර ගැනීම සිදු කෙරිනි. මෙයින් ප්‍රධාන ආයතනය ජාතික ශිල්ප සභාව වන අතර, සෙසු ආයතන එහි අනුබද්ධ ආයතන වේ.

 

ශිල්ප ක්ෂේත්‍ර

මැටි ආශ්‍රිත කලා ශිල්ප

 

  • මැටි
  • දිස්න මැටි(සෙරමික්)

 

කෙඳි පත්‍ර හා තෘණ ආශ්‍රිත කලා ශිල්ප

 

  • පැදුරු
  • කෙඳි(කොහු කෙඳි හැර)
  • පත්‍ර හා තෘණ(තළකොල, තල්කොල හැර)

 

 

දුම්බර රටා කලා ශීල්ප

 

  • හණ
  • කපු

 

වේවැල් හා උණ බට ආශ්‍රිත

 

  • වේවැල්
  • උණ බට

 

ලෝහ භාවිත කලා ශිල්ප

 

  • ලෝහ වාත්තු
  • ලෝහ කැටයම්
  • රිදී කැටයම්
  • රන් කැටයම

 

ආභරණ ආශ්‍රිත කලා ශිල්ප

 

  • ලෝහමය ආභරණ
  • ගල් බැඳි ආභරණ
  • විවිධ ආභරණ

 

 

වෙස් මුහුණු හා රූකඩ කලා ශිල්ප

 

  • වෙස් මුහුණු
  • රූකඩ

 

කැටයම් මුහුණු

 

  • කැටයම් මුහුණු

 

සංගීත භාණ්ඩ

 

  • සම්ප්‍රදායික සංගීත භාණ්ඩ
  • සම්ප්‍රදායික නොවන සංගීත භාණ්ඩ

 

රෙදිපිළි හා රෙදිපිළි භාවිත කලා ශිල්ප

 

  • අත් එම්බ්‍රොයිඩර්
  • මැෂින් එම්බ්‍රොයිඩර්
  • රෙදි පින්තාරු
  • පැච්වර්ක්
  • පාරම්පරික අත් යන්ත්‍ර රෙදි 

 

බතික්

 

  • බතික් බිත්ති සැරසිලි
  • බතික් - වෙනත්

 

රේන්ද

 

  • බීරළු රේන්ද
  • තැටින් රේන්ද
  • අත් රේන්ද

 

ලාක්ෂා හා සේසත්

 

  • ලාක්ෂා
  • සේසත්

 

දැව භාවිත කලා ශිල්ප

 

  • දැව කැටයම්
  • දැව මූර්ති
  • දැව භාවිත වෙනත්

 

සම් භාණ්ඩ

 

  • සම් භාණ්ඩ

 

පාෂාණ ආශ්‍රිත කලා ශිල්ප

 

  • පාෂාණ මූර්ති
  • පාෂාණ කැටයම්
  • පාෂාණ ආශ්‍රිත වෙනත්

 

සම්ප්‍රදායික චිත්‍ර හා මූර්ති කලා ශිල්ප

 

  • සම්ප්‍රදායික චිත්‍ර
  • සම්ප්‍රදායික මූර්ති
  • පාරම්පරික උත්සව ආශ්‍රිත කලාකෘති

 

පොල්, කිතුල්, තල, තල් ගස් ආශ්‍රිත කලා ශිල්ප

 

  • පොල් කටු
  • ඉරටු/මටළු/කිතුල් රෑන්
  • කොහු කෙඳි
  • තල් කොල
  • තල කොල
  • පොල් ගෙඩි නිර්මාණ

 

විවිධ කලා ශිල්ප

 

  • අත් කඩදාසි
  • පල්ප් නිර්මාණ
  • දැවසුනු ආශ්‍රිත
  • සිප්පි කටු
  • විවිධ අමුද්‍රව්‍ය භාවිත

 

 

සිහිවටන

 

  • සිහි වටන

 

shilpa-new-logo-2016

 

ඉදිරි වැඩසටහන්