සුරාජ්කුන්ඩ් අන්තර්ජාතික හස්ත කර්මාන්ත උළෙල වාර්ෂිකව හර්යානා සංචාරක දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන අතර එහි ඇති සුවිශේෂීතාවය වන්නේ ලෝකය පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කිරීමටත්, ඒ ඒ රටවල සංස්කෘතික අංග ඉදිරිපත් කිරීමටත් අන්තර්ජාතික වේදිකාවක් නිර්මාණය කර දීමයි.
මෙවර ජාතික ශිල්ප සභාව නියෝජනය කරමින් ශිල්පීන් 04 දෙනෙක් මේ සඳහා සහභාගී වූ අතර ඔවුන් සුරාජ්කුන්ඩ් අන්තර්ජාතික හස්ත කර්මාන්ත ප්‍රදර්ශන භූමියේ විදේශීය රටවල් සඳහා වෙන් කර ඇති අලෙවි කුටිවල සිය අලෙවි කටයුතු සාර්ථකව පවත්වාගෙන යනු ලබයි.
මෙවර සුරාජ්කුන්ඩ් අන්තර්ජාතික හස්ත කර්මාන්ත උළෙල 2025 පෙබරවාරි 07 දින සිට 23 දින දක්වා පැවැත්වෙන අතර සෑම දිනකම පෙ.ව. 10.00 සිට ප.ව. 7.00 දක්වා මහජනයාට විවෘතව පවතී. ඉන්දියානු හා අන්තර්ජාතික ශිල්පීන්ගේ ප්‍රදර්ශන හා සංස්කෘතික ප්‍රසංගවලින් මෙම උළෙල විචිත්‍රවත් කර ඇත.