Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313
National Crafts Council
Follow Us :

උණබට ආශ්‍රිත නීමාණකරුවන් වෙනුවෙන් උණ බම්බු යොදාගනිමින් සිදුකරන ගෘහ නිර්මාණය පිළිබඳ දින 12ක පුහුණු වැඩමුළුවක්..

වසර ගණනාවක සිටම ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාවට එරට හස්ත කර්මාන්ත ශිල්පීය ඥානය ලබාදීම සිදු කරගෙන එනු ලබන සහෘද රාජ්‍යයක් වන අතර අවස්ථා කිහිපයකදීම ජාතික ශිල්ප සභාව සමග එක්ව දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් වෙනුවෙන් ඕන බට කර්මාන්තය පිළිබඳ පුහුණු වැඩසටහන්, බතික් පුහුණු වැඩසටහන් ආදි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදී.

එහි තවත් එක් අදියරක් ලෙස මෙරට උණබට ආශ්‍රිත නීමාණකරුවන් වෙත පවත්වනු ලබන උණ බම්බු යොදාගනිමින් සිදුකරන ගෘහ නිර්මාණය පිළිබඳ දින 12ක පුහුණු වැඩමුළුවේ සමාරම්භක උත්සවය 2024.06.23 (ඊයේ) ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති H.E. Dewi Gustina Tobing මැතිනියගේ ප්‍රධානත්වයෙන් යටියන්තොට කිතුල්ගල ප්‍රදේශයේදී පැවැත්විණි. මෙම සමාරම්භක අවස්ථාවට ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ මහතා, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ මහතා, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතියාගොඩ මහත්මිය, ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ නිළධාරීන්, රාජ්‍ය නිලධාරීන් රැසක් සහ වැඩමුළුවට සහභාගී වන නිර්මාණ ශිල්පීන් ඇතුළු තවත් බොහෝ පිරිසක් සහභාගි විය.

උණ බම්බු යොදාගනිමින් කබානා වැනි කුඩා නිවාස ඉදිකිරීම, කුඩා නිර්මාණශීලී සංචාරක හෝටල් වැනි ස්ථාන ඉදිකිරීම, ගෘහාලංකරණය සඳහා උණ බම්බු ආශ්‍රිත ගෘහභාණ්ඩ ඇතුළු නිර්මාණ යොදාගැනීම වැනි ගෘහ නිර්මාණ කටයුතු මෙම පුහුණු වැඩසටහන තුළින් පුහුණු කිරීමට නියමිත අතර ඒ සඳහා ඉන්දුනීසියාවෙන්  එම කර්මාණ්ටය පිළිබඳ විෂ්‍ය ප්‍රවීන සම්පත්දායකයින් දෙදෙනෙක් මෙරටට පැමිණ ඇත. ඔවුන් විසින් මේ සඳහා අමුද්‍රව්‍ය නෙලා ගැනීම, පදම්කිරීම වැනී මූලිය අදියරයන්හි සිට අවසාන අදියර දක්වා ක්‍රමාණුකූල පුහුණුවක් ලබාදීමට සැළසුම් කර ඇත.

උණ ශාකය රෝපණය කර වසර 3-4ක පමණ කාලයකින් භාවිතයට ගත හැකි ශාකයක් බැවින් මෙය කර්මාණ්තයක් ලෙස ශ්‍රී ලංකාව තුල ප්‍රචලිත කලහොත් ආර්ථිකයට ඉමහත් රුකුලක් වන අතර මෙරට දැව හිඟයටද කදිම විසදුමක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු රාජ්‍ය අමත්‍ය තාරක බාලසූරිය මැතිතුමන්, ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලය, ජාතික ශිල්ප සභාව,  කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැනි ආයතන රැසක උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට මෙම පුහුණු වැඩසටහන ලබා ගැනීමට හැකි වූ අතර මේ සඳහා යටියන්තොට කැලණි කලා ශිල්ප සමාජයේ සභාපති නිමල් අමරසිරි මහතා ඇතුළු සාමාජිකයින්ගේ උනන්දුව හා කැපවීමද මහත් රුකුලක් විය.