සමාප්තිය සහ පුහුණුලාභීන් වෙත සහතිකපත් බෙදාදීමේ උත්සවය පසුගියදා (2024.07.06) ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති H.E. Dewi Gustina Tobing මැතිණිය, විදේශ කටයුතු රාජ්‍ය අමත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ මහතා, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ මහතා, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් නීතිඥ ප්‍රියංගනී පෙතියාගොඩ මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් යටියන්තොට කිතුල්ගල ප්‍රදේශයේ දී පැවැත්විණි.
උණ බම්බු යොදාගනිමින් කබානා වැනි කුඩා නිවාස සහ කුඩා නිර්මාණශීලී සංචාරක හෝටල් වැනි ස්ථාන ඉදිකිරීම පිළිබඳ මෙම පුහුණු වැඩසටහන තුළින් පුහුණු කල අතර පුහුණුලාභීන් 14 දෙනෙකු මෙලෙස සාර්ථකව පුහුණු නිමකර සහතිකපත් ලබාගන්නා ලදි. ඉන්දුනීසියාවේ සිට පැමිණි සම්පත්දායකයින් දෙදෙනෙකු විසින් ජායාරූපවල දැක්වෙන පරිදි කුඩා ප්‍රමාණයේ කබානා මාදිලියේ කුටියක් මුලසිට පියවරෙන් පියවර එම ස්ථානයේ ඉදිකරමින් මෙම පුහුණුව ප්‍රායෝගිකව සිදුකල අතර, පුහුණුව සඳහා ඉදිකල ආකෘතිය ප්‍රමාණයෙන් කුඩා වුවද මෙම තාක්ෂණය යොදාගණිමින් විශාල ගොඩනැගිල්ලක් වුවද තැනීමට අවශ්‍ය තාක්ෂණය ඔවුන් විසින් නොමසුරුව ලබාදී ඇත. ඊට මෙරට දේශීය අමුද්‍රව්‍ය, මෙරට තාක්ෂණය, මෙරට දෙශීය හස්තකර්මාණ්ත ශිල්පීන්ගේ හැකියාව හා නිර්මාණශීලීත්වයද එක්කර නවෝත්පාදන බිහිකිරීම හා තවත් නව කණ්ඩායම් වෙත මෙම දැනුම ලබාදීම පුහුණුලාභීන්ගේ යුතුකමක් සහ වගකීමක් වනු ඇත.
මෙම අවස්ථාවට ජාතික ශිල්ප සභාවේ නිළධාරීන්, ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ නිළධාරීන්, රාජ්‍ය නිලධාරීන් රැසක් සහ වැඩමුළුවට සහභාගී වන නිර්මාණ ශිල්පීන් ඇතුළු තවත් බොහෝ පිරිසක් සහභාගි විය.