මාවනැල්ල, අල්කේගම හස්ත කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානය 2024.03.27 (ඊයේ) දින තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ, අධ්‍යක්ෂිකා අනුරී තිලකරත්න, මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් විජිතා රත්නසේකර හා පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ නර්මදා එගොඩගෙදර යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් විවෘත විය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක කරනලද “සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධන වැඩසටහන – 2021” යටතේ ජාතික ශිල්ප සභාව විසින් අල්කේගම කණ කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානය හා ගම්මානය සංවර්ධනය කරන ලදී. ඒ යටතේ ගම්මානයේ ශිල්පීන් සඳහා උපකරණ ලබාදීමත්, පොදු පහසුකම්, නිෂ්පාදන හා පුහුණු මධ්‍යස්ථානය ලෙස පැවති පැරණි ගොඩනැගිල්ල මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.
දෙවන අදියර ලෙස 2023 වසරේදී මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ බිම් මහලේ සියලු වැඩ අවසන්කර සියලු යටිතල පහසුකම් සම්පූර්ණ කරන ලදී. මෙහි සංවර්ධන කටයුතු මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ඉටුකර ඇත. මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනී හා උපදේශිකාව ලෙස සංජීවනි දිසානායක මහත්මිය කටයුතු කරන අතර ජාතික ශිල්ප සභාවේ සබරගමුව පළාත් කාර්යාලය මගින් අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
ඒ අනුව නිෂ්පාදන කටයුතු, හස්ත කර්මාන්ත පුහුණු කටයුතු සඳහා සියලු දෙනාගේ ආශිර්වාදය සමඟ විවෘත කෙරිණි. මෙම අවස්ථාවට ජාතික ශිල්ප සභාවේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම හස්ත කර්මාන්ත ශිල්පීන් රැසක් සහභාගී වූහ.