Follow Us :

ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතා පසුගිය දා මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි සාම්ප්‍රදායික ආභරණ නිෂ්පාදන ගම්මානයක් වන නීලවල ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ගම්මානයේ නිර්මාණ ශිල්පීන් සමඟ සුහද කතාබහක නිරත වූ සභාපතිතුමන් ඔවුන්ගේ ගැටළු පිළිබඳව ද සාකච්ඡා කළ අතර නිර්මාණවල ගුණාත්මකභාවය වැඩි දියුණුකර ගැනීම පිළිබඳව සහ අලෙවිය වැඩි කරගැනීම පිළිබඳව උපදෙස් ලබා දෙන ලදි.