දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජාතික ශිල්ප සභාව සංවිධානය කළ “ලක් ශිල්ප” Colombo Handicrafts Market අලෙවි ප්‍රවර්ධන වැඩසටහන 2022.03.24 දින බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රසන්න රණවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
එම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විජිත බණ්ඩාරනායක මහතා, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් සහභාගී වූහ.
අලෙවි කුටි රැසකින් සමන්විත මෙම වැඩසටහන සෑම බ්‍රහස්පතින්දා දිනකම බත්තරමුල්ල දියත උයනේ දී පැවැත්වේ.