ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝතලේ පහලගම ගම්මානයේ හස්ත කර්මන්ත නිර්මාණ ශිල්පීන් වෙත සිය කර්මාන්ත කරගෙන යාම සඳහා අවශ්‍ය උපකරණ ප්‍රදානය කිරීම 2022.02.18 දින වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, බෝතලේ පහලගම ප්‍රජා ශාලාවේදී සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මැතිනිය ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් ද ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතා සමග ජාතික ශිල්ප සභාවේ නිළධාරීන් සහ හස්ත කර්මාන්ත ශිල්පීන් රැසක් ද එක්විය.