ගම්පහ දිස්ත්‍රික්කයට අයත් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හුණුමුල්ල ශිල්ප සමාජයේ නිර්මාණ ශිල්පීන් වෙත පසුගිය 2022.02.21 දින ස්වකීය කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා උපකරණ ප්‍රදානය සිදු කරනු ලැබුවේ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.
මෙම අවස්ථාව සඳහා ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මැතිතුමා සමඟ ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතා ද එක්විය.