සෑම සති අන්තයකම නාරාහේන්පිට “රජ වාස” සුපිරි වෙළඳ සංකීර්ණ පරිශ්‍රයේ හස්ත කර්මාන්තකරුවන් සඳහා ප්‍රදර්ශන ඉඩ පහසුකම් සලසා දීම සම්බන්ධව ජාතික ශිල්ප සභාව සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව අතර අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීම 2022.02.15 (අද) දින වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
ජාතික ශිල්ප සභාව වෙනුවෙන් සභාපති සම්පත් ඇරැහැපොල මහතා සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙනුවෙන් එහි සභාපති යෝගා පෙරේරා මහතා මෙලෙස ගිවිසුම්ගත වූයේ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විජිත බණ්ඩාරනායක මහතා ප්‍රධාන අමාත්‍යාංශ නිළධාරීන්, ජාතික ශිල්ප සභාවේ අධ්‍යක්ෂිකා චන්ද්‍රමාලි ලියනගේ මහත්මිය සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ නිළධාරීන් ඉදිරියේය.