ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින්, කර්මාන්ත අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමා හා වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රසන්න රණවීර මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් “කර්මාන්ත 2022” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සමාරම්භය සනිටුවන් කරන ලදී.
එහි ජාතික ශිල්ප සභාව සඳහා ද ප්‍රදර්ශන කුටි වෙන් කර තිබූ අතර එම කුටි නරඹන්නන්ගේ අවධානය දිනා ගන්නට සමත් විය.