“ශිල්ප අභිමානී – 2021” ජාතික හස්ත කර්මාන්ත තරගයේ ජයග්‍රහණ හිමි කර ගත් නිර්මාණ ශිල්පීන් ජාතික තලයෙහි ලා අගයන ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උළෙල අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022.01.25 දින සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.
එම උත්සව අවස්ථාව සඳහා කර්මාන්ත අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමා, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රසන්න රණවීර මැතිතුමා, කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් දයා රත්නායක මහතා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විජිත බණ්ඩාරනායක මහතා, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි විය