සවිබල ගන්වමු – අපේ ශිල්ප
සුලභ කරලමු – විරළ අමුද්‍රව්‍ය
ජාතික ශිල්ප සභාව විසින් සියක් හස්ත කර්මාන්ත ගම්මාන සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ බියගම වීරසේකරපුර මැටි කර්මාන්ත ආශ්රිත නිෂ්පාදන ශිල්පීන් වෙත ප්‍රමිතියෙන් උසස් පදම් කරන ලද මැටි සහ විදුලි සකපෝරු බෙදා දීමේ උත්සවයක් 2021.10.07 දින ගරු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
මෙම අවස්ථාව සඳහා ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතා, බියගම ප්‍රාදේශිය ලේකම් චන්ද්‍රිකා ද සිල්වා මහත්මිය ඇතුළු සීමිත නිළධාරීන් පිරිසක් සහභාගි විය.
වැඩසටහනට සමගාමීව ආකල්ප හා ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳව දෙදින වැඩමුළුවක් පැවැත්වූයේ ප්‍රවීණ දේශක ලසන්ත කාරියප්පෙරුම මහතාගේ සම්පත් දායකත්වයෙනි.