ජාතික ශිල්ප සභාවේ සේවය සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට සහ මාධ්‍ය ක්ෂේත්රයට ඇළුම් කරන තරුණ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන් වෙත ඩිජිටල් මාධ්‍ය තුළ රූප සන්නිවේදනය පිළිබඳව එක් දින මාධ්‍ය පුහුණු වැඩමුළුවක් 2021.10.09 දින ජාතික ශිල්ප සභා ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විය.
ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම වැඩමුළුවේ ආරාධිත දේශනය මහාචාර්ය ප්‍රගීත් අබේසුන්දර මහතා විසින් පවත්වන ලද අතර ගරු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා ද සහභාගී වූයේ වැඩසටහනට දිරියක් එක් කරමිනි.
පාඨමාලා අධ්යක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදී දයාරත්න රටගෙදර මහතා විසින් මෙම පාඨමාලාව මෙහෙයවූ අතර ස්ටැන්ලි හෙට්ටිආරච්චි, අයේෂ්මන්ත හෙට්ටිආරච්චි, සුදත් මහගමගේ, අජිත් මෙන්ඩිස් යන ප්‍රවීණ මාධ්‍යවේදීන් විසින් මෙහි සම්පත් දායකත්වය දරණ ලදී.
කැමරාකරණය, සංස්කරණය, තිර රචනය, ප්රවෘත්ති කලාව මෙම වැඩමුළුවේ අන්තර්ගතය වූ අතර සහභාගීවූවන් හට සහතිකපත්‍ර ප්‍රදානයක් ද සිදු කරන ලදී.