රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කරන “ශ්‍රී ලංකා සංස්කෘතික සතිය” ඔක්තෝබර් 03 සිට 09 දක්වා මොස්කව් නුවරදී පැවැත්වේ. මෙම සංස්කෘතික සතිය තුල ජාතික ශිල්ප සභාවේ නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇති අතර එමගින් අලෙවි අවස්ථා වඩාත් පුළුල් කිරීමට අපේක්ෂිතය.
මොස්කව් ශ්‍රී ලාංකික සංස්කෘතික සතිය තුල ප්‍රදර්ශනය කිරීමට නියමිත අත්කම් නිර්මාණ කලාපීය සහයෝගිතා කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා වෙත වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමාගේ සුරතින් 2021.09.02 දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී භාර දෙන ලදී.
මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විජිත බණ්ඩාරනායක මහතා, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල මහතා ඇතුළු සීමිත නිළධාරීන් පිරිසක් සහභාගි විය.