Follow Us :

අලවලට සෙවිලි තහඩු ….

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, අලවල ගම්මානය බටපතුරු ආශ්‍රිත නිර්මාණ කරනු ලබන නිර්මාණ ශිල්පීන් පිරිසක් වෙසෙන ගමකි. මෙම නිර්මාණ ශිල්පීන් වෙත 2021.01.23 දින තම වැඩමඩු ඉදි කර ගැනීම සඳහා සෙවිලි තහඩු සහ සුළු යන්ත්‍ර උපකරණ ප්‍රදානයක් සිදු කරන ලදී.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන ගරු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාව සඳහා ගම්පහ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රදීප් මධුරංග මැතිතුමා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් මෙන්ම ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර මහතා, අධ්‍යක්ෂ චන්ද්‍රමාලි ලියනගේ මහත්මිය, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරි මහතා සමඟ රාජ්‍ය නිළධාරින් සහ හස්ත කර්මාන්ත ශිල්පීන් රැසක් සහභාගී විය.