Follow Us :

ගරා වැටෙන ඉත්තෑපානට හිරු පායයි …

වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඉත්තෑපා‍නේ පිහිටි තලකොළ ආශ්‍රිත පුහුණු මධ්‍යස්ථානය වෙත 2020 පෙබරවාරි 22 (බදාදා) දින ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර මහතා පැමිණෙන ලදී. වසර ගණනාවක් තුලදී ප්‍රතිසංස්කරණයට ලක් නොවීම හේතුවෙන් දැඩිසේ ගරා වැටීමට ලක් වී තිබූ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සභාපතිතුමාගේ දැඩි අවධානයට ලක් විය. මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර පුහුණු පාඨමාලා සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍යය සියළුම පහසුකම් ඉතා කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බව සභාපතිතුමා පැවසීය.