Notice: WP_Block_Type_Registry::register යන්න වැරදි ලෙස අමතන ලදී. Block type names must contain a namespace prefix. Example: my-plugin/my-custom-block-type Please see Debugging in WordPress for more information. (මෙම පණිවිඩය 5.0.0 සංස්කරණයේදී එකතු කරන ලදී.) in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 5313
National Crafts Council
Follow Us :

සෞභාග්‍යයේ කිරි මුට්ටිය වීරගුලින්…

අත්තනගල්ල වීරගුල ගම්මානයට පෙබරවාරි 19 දින තවත් එක් දිනයක් පමණක් නොවීය. ජාතික ශිල්ප සභාවේ ගම්මාන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගම්මානයේ පවුල් 32 වෙත විදුලි සකපෝරු හා වැඩමඩු බෙදා දුන්නේ මැටි ආශ්‍රිත නිපැයුම් බිහි කිරීම සඳහාය. විදුලි සුවිචය ක්‍රියාත්මක කර සකපෝරු බෙදා දීම සංකේතවත් කළ අතර උත්සවයට සමගාමීව අමුද්‍රව්‍යය පැල රෝපණයක් ද සිදු කරන ලදී.

මෙදින සුවිශේෂී වූයේ ජාතික ශිල්ප සභාවේ සභාපතිතුමාගේ සංකල්පයකට අනුව 2020 සිංහල හා හින්දු අළුත් අවුරුද්දේ කිරි ඉතිරවීම සඳහා “සෟභාග්‍යයේ කිරි මුට්ටිය” හදුන්වා දීමයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.කේ.ආර්. අලවත්ත මහතා, ජාතික ශිල්ප සභාවේ අධ්‍යක්ෂතුමිය, කාර්මික සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා, ග්‍රාම නිළධාරිතුමිය මෙන්ම ලලන්ත ගුණවර්ධන මැතිතුමා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය. ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අබේසේකර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.