“ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙමින් සිටින්නේ මෙතෙක් මුහුණ නොදුන් දැවැන්ත ආර්ථීක සමාජ අභියෝග රාශියකටයි. එවැනි අවස්ථාවක දේශීය නිපයුම්කරුවන්ට රටේ ආර්ථිකයට ලබාදිය හැකි දායකත්වය ඉතා වැදගත් වන අතර ජාතික ශිල්ප සභාව ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම සහ දායකත්වය සැපයීමට කැපවී සිටී. එම කාර්යය සිදුකිරීම සඳහා තවත් රාජ්‍ය ආයතන ගණනාවක ද සහාය ලබා ගනිමින් “Crafting Ceylon“ Empowering the Nation – Export Oriented Product Development Initiative 2022 වැඩසටහන ක්‍රියාක්මක කිරීමට යෝජනා කෙරේ.”
ප්‍රධාන අරමුණු
⊕ ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය වී තිබෙන විදේශ විනිමය උපයා ගැනීම සඳහා දේශීය නිර්මාණ අපනයන මට්ටමට දියුණු කිරීම.
⊕ දේශීය වෙළෙඳපොලට අවශ්‍ය ආනයන ආදේශක භාණ්ඩ නිෂ්පාදනය කරමින් රටින් පිටට ඇදී යන විදේශ විනිමය ඉතුරුකර ගැනීම.
⊕ ලෝක ආර්ථික, සමාජ සහ පාරිභෝගික ජීවන රටාවන්හි වෙනස්කම් අවබෝධ කරගනිමින් අන්තර්ජාතික වෙළෙඳපොලෙහි අමුද්‍රව්‍ය, මිල, නිෂ්පාදන පිරිවැය සහ විලාසිතා පිළිබඳව දැනුම ලබා දෙමින් අන්තර්ජාතික අලෙවිකරණ ප්‍රමිතීන්ට දේශීය නිර්මාණකරුවන් ඔසවා තැබීම.
සැලකිල්ලට ගන්නා ප්‍රධාන කරුණු
-
උපයෝගිතාව
-
නිෂ්පාදන පිරිවැය
-
නිෂ්පාදන ක්‍රියාවලියේ සරල බව
-
අමුද්‍රව්‍ය සපයා ගැනීමේ හැකියාව
-
ජීවන විලාසිතාවන්ට ගැළපෙන බව
ඉලක්කගත වෙළෙඳසැල් සහ වෙළෙඳ මධ්‍යස්ථාන
-
විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව සඳහා දැනට පවත්වාගෙන යන වෙළෙඳසැල්
-
පරිසරහිතකාමී කාබනික නිෂ්පාදන අලෙවි කරන ඉලක්ක ගත විදේශ වෙළෙඳ ආයතන
-
ශ්‍රී ලංකාවට පැමිණෙන දෙස් විදෙස් සංචාරක ප්‍රජාව ආශ්‍රිත සංචාරක කලාප, හෝටල් සහ සමරු සිහිවටන අලෙවිසැල්
-
ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ අලෙවි ආයතන
ඔබගේ නිෂ්පාදන සැලසුම් කිරීමේදී ඔබ නිපදවන භාණ්ඩවල නිර්මාණාත්මක ගුණය, මිල සහ ප්‍රමිතිය පිළිබඳව අන්තර්ජාතික වෙළෙඳ වෙබ් අඩවි හරහා යම් අදහසක් ලබා ගත හැකිය. Alibaba, Amazon, Ebay ආදී වෙඩ් අඩවි හරහාද Walmart, Aldi, Lulu ආදී ආයතනික වෙඩ් අඩවි හරහාද යම් අදහසක් ලබා ගත හැකි අතර ඒවායේ සිල්ලර මිල බොහෝ දුරට අවම වශයෙන් 80% – 100% ලාභයක් ලබා ඇත.
මෙම අභියෝගය පිළිගැනීමට ඔබ සූදානම්ද?
අපනයන නිෂ්පාදන ක්‍රියාවලියේදී ප්‍රමිතිය සහ ඇණවුම් නිම කිරීමේ නිශ්චිත ගිවිසුම්ගත කාලය ඉතා වැදගත් වේ. නොනවත්තා පවත්වාගෙන යායුතු විනය අතිශයින් වැදගත් වේ. නොනවත්තා අමුද්‍රව්‍ය ලබා ගැනීමට ඇති හැකියාව, ඇණවුමට මුදල් ලැබෙන තෙක් නිෂ්පාදනය සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය, මානව සම්පත්, තාක්ෂණය, බලශක්තිය, ඇසුරුම්කරණය, ගබඩාකරණය සහ ප්‍රවාහනය ආදී අගය දාමය පිළිබඳව අවබෝධය අපනයන ක්‍රියාවලියේදී වැදගත් වේ.
ඔබ අපනයනය කිරීමට බලාපොරොත්තු වන භාණ්ඩවල බර, ප්‍රමාණය, ඇසුරුම්කරණය, බිදෙන සුළු බව, උෂ්ණත්වයට ඔරොත්තු දීම, ප්‍රවාහනයට ගත වන කාලය ආදී සාධක ද ප්‍රබලව බලපානු ඇත.
විදේශ පුළුල් වෙළෙඳපොල ඉලක්ක නිෂ්පාදනයේදී ස්ථීර ප්‍රමිතිය, නිෂ්පාදන පිරිවැය සහ ගතවන කාලය ඉතාම වැදගත් වේ. නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, පුහුණු ශ්‍රමය, තාක්ෂණය, ඇසුරුම්කරණය, ගබඩා සහ අපනයන ප්‍රවාහන මාධ්‍ය මෙන්ම විදේශ වෙළෙඳපොල සඳහා අවශ්‍ය තත්ත්වය සහතික (ඇමරිකාවේ නම් FDA සහ යුරෝපයේ නම් CE) ආදිය ලබා ගැනීම පිළිබඳව ද අවබෝධය වැදගත්ය. ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දීමට ජාතික ශිල්ප සභාව සමඟ මේ ව්‍යාපෘතියේ කටයුතු කරන රාජ්‍ය ආයතන සූදානම්ව සිටී.
මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම තරඟයට ලියාපදිංචි වීම.
සිංහල භාෂාවෙන් ලියාපදිංචි වීමට ;
දෙමළ භාෂාවෙන් ලියාපදිංචි වීමට ;
නිතර අසන ප්‍රශ්න
මෙම වැඩසටහන හා සම්බන්ධ වීමට අවශ්‍ය මූලික සුදුසුකම් මොනවාද?
⊕ එක් නිර්මාණයකින් තොග නිෂ්පාදනයක් (bulk production) කිරීමේ හැකියාව නිර්මාණකරු සතුව තිබිය යුතුය.
⊕ තොග නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සරිලන ප්‍රමාණයේ සේවක සංඛ්‍යාවක් සිටිය යුතුය.
⊕ අදාළ නිෂ්පාදන කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණයේ අමුද්‍රව්‍ය නිර්මාණකරු සතු විය යුතුය.
⊕ තොග ඇණවුමකදී, ලබා දෙනු ලබන කාල පරාසය තුළ අදාළ ඇණවුම අවසන් කිරීමේ හැකියාව නිර්මාණකරුට තිබිය යුතුය. (උදා :- ඇණවුමේදී ලබා දෙනු ලබන නිර්මාණයකින්, නිර්මාණ 100 ක ප්‍රමාණයක් මාස 03 ක් ඇතුළත් අවසන් කිරීම)
⊕ ඉහළ ප්‍රමිතියෙන් යුතු නිර්මාණ නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබිය යුතුය.
⊕ දේශීය අමුද්‍රව්‍ය බහුලව භාවිතා කළ යුතුය.
මෙම වැඩසටහනට ඇතුළත් වීම සඳහා ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි වී සිටිය යුතුද?
මීට පෙර ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි වී නොමැති ශිල්පීන් සඳහා ද මෙම වැඩසටහන හා සම්බන්ධ විය හැකිය. තරඟය සඳහා ඉදිරිපත් වීමේදී, තමන් පදිංචි දිස්ත්‍රික්කය තුළ ලියාපදිංචි වීමේ හැකියාව ඇත.
මෙම වැඩසටහන සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගන්නේ කෙසේද?
⊕ ප්‍රධාන කාර්යාලය - නිශාන්ත විජයලත් මහතා, සහකාර අධ්‍යක්ෂ (පළාත්) - 011 278 4424/ 071 404 6663
⊕ බස්නාහිර පළාත (කොළඹ/ කළුතර දිස්ත්‍රික්ක) - නෙරංජලා එන්. ගුණසිංහ මහත්මිය, සහකාර අධ්‍යක්ෂ (පළාත්) - 076 037 2515
⊕ බස්නාහිර පළාත (ගම්පහ දිස්ත්‍රික්කය) - රුෂාන් මාරඹගේ මහතා , සහකාර අධ්‍යක්ෂ (පළාත්) - 076 822 3148
⊕ මධ්‍යම පළාත - එම්.එම්.එච්.ජී. සමරනායක මහතා, සහකාර අධ්‍යක්ෂ (පළාත්) - 071 837 5363
⊕ දකුණු පළාත - ඩබ්.කේ.එන්. ශ්‍යාමලී මහත්මිය, සහකාර අධ්‍යක්ෂ (පළාත්) - 071 580 5738
⊕ වයඹ පළාත - රෝහණ පල්ලේපොල මහතා, සහකාර අධ්‍යක්ෂ (පළාත්) - 071 882 1526
⊕ ඌව පළාත - කේ.එම්.ජී. කමල් මහතා, සහකාර අධ්‍යක්ෂ (පළාත්) - 077 448 6651
⊕ සබරගමුව පළාත - ධම්මික සමරසිංහ මහතා, සහකාර අධ්‍යක්ෂ (පළාත්) - 071 962 0109
⊕ උතුරුමැද පළාත (අනුරාධපුර දිස්ත්‍රික්කය) - ගයානි චන්ද්‍රිකා මහත්මිය, සංවර්ධන සහකාර - 071 443 4276
⊕ උතුරුමැද පළාත (පොළොන්නරුව දිස්ත්‍රික්කය) - රුවන් වර්ණසිරි මහතා, සංවර්ධන සහකාර - 071 941 2330
⊕ නැගෙනහිර පළාත - එම්.එයි.එම්. රියාස් මහතා, සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) - 077 295 3079
⊕ උතුරු පළාත - කේ. පොන්කරන් මහතා, සහකාර අධ්‍යක්ෂ (පුහුණු) (වැ.ආ.) - 077 352 0735
Deprecated: sanitize_url is deprecated since version 2.8.0! Use esc_url_raw() instead. in /home/craftscouncilgov/public_html/wp-includes/functions.php on line 4861